Tuesday, July 15, 2014

කාලයයි මේ...




ඔබ දන්නවාද….


සුදු පාට ලිලි මල් වලට

පිණි වැටෙන කාලයයි මේ...
 

කඩා වැටෙන තරු වලට

පාර කියනු වස්

කණාමැදිරියන් පහන් දල්වන 

රාත්‍රියයි මේ….


ඔව්. ඔබ දන්නවාද….


වස්සාන සිහිනයට 

පිය නගන්නට දෑත ඉල්ලා….

වසරක කාලයයි මේ


පාළු සිතුවමේ පාට 

තවරන්න කාලයයි මේ
 

ඔබ දන්නවාද….. 


පාට නොමැතිව තාම ලැතවෙන

පින්සලෙන් මේ ලියන්නේ

පාළු නිම්නෙට සීත සුළඟක්

යලිඳු කවදද වඩින්නේ….




4 comments:

  1. //පාට නොමැතිව තාම ලැතවෙන
    පින්සලෙන් මේ ලියන්නේ
    පට්ටම වදනක්. කියලා වැඩක් නෑ සුපිරි

    ReplyDelete
  2. මේ එන්න නොකියා එන්න කියනවද කාටද ?

    ReplyDelete
  3. ප්‍රේමණිය කවියක්.. සිරාවටම ලස්සනයි..

    ReplyDelete
  4. අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org...ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක
    ekathuwa.org

    එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...