ශුක්රානුවෙ අයිතිවාසිකම....

එක් ඩිම්බයක් උදෙසා
ශුක්රානු දහසක
තරගයක්....
අරගලයේ ඇරඹූම
අපි හිතනවට වඩා
ඈතයි....
දුරයි......
ණයට ගත් ගර්බාෂයේ
හැදේන කළලයක්...
කාගේ ශුක්රනුවද දිනුම්.....
මගේ....
උබේ....නෑ යකෝ මගේ.....
නෑ.....මගේ යකෝ මගේ....
මුකුත් දන්නෙ නැති
ලේ කැටිය...
වතුර වලේ ගුලි ගැහිලා
එක සිරුවට.....
පෙකණි වැලේ රැදි
හුස්ම පොද....
කියන එකම දෙය නම්
ගන්න එපා.....
උබලා මාව එළියට...
අද මම පුවතක් කියෙව්වා.. කුස තුලදීම දෙවරක් ගබ්සා වූ බිළිඳා නැවත ඒ කුසේම පිළිසිඳ ඉපිඳ "අම්මා මා මරන්නට තැත් කලා" යැයි කිවාලු... අහෝ... මේ මරන්නේ තවත් ප්රාණියෙක් පමණද..?
ReplyDeleteමේ හැමදේටම මුළ කෙලවරක් නැති කාමාශාව..
අපි නාය ගිහින් ඉවරයි...දැන් උඩ බාලාගෙන හුල්ලමු...
Delete//ගන්න එපා.....
ReplyDeleteඋබලා මාව එළියට...//
රස්ති... මේ ටික ඇති. මම වෙන මුකුත් නොලිය ඉන්නම්.
මුලු ජිවිතේම හිස් තැනක් බං.......
Deleteරස්ති.......මම උඹේ හැම පෝස්ට් එකකටම දායකවුනා කමෙන්ට් එකකින්.ඒ හැම වෙලාවකම මම උත්සාහකරේ උඹ මතුකරන අදහස් අවම වශයෙන් බ්ලොග් ලෝකය තුල විධිමත් සාකච්ඡාවකට හසු කරවන්න.උඹව තව තවත් අවදි කරවන්න.මා සැතපිය යුතු වයසක බුවෙක් උනත් අනෙකුන් අවදියෙන් සිටිම මාද අවදි කිරීමට හේතු විය.උඹ මාතෘකා කරගන්නා බීජයන් ගොඩාක් උදවිය අත ගහන්නටවත් අකැමති දේවල් බව මට හිතෙන්නේ ,ආකෘතිය ගැන කතා වෙනවා මිස වස්තු බීජය සම්බන්ධව සාකච්ඡා නොවෙන නිසාමය.උඹත් එහෙම එකෙක් යැයි මට හිතෙන්නේ මෙන්න මේ නිසාමය.
Delete*************arugeadaviyaSeptember 1, 2013 at 5:58 PM
//ගන්න එපා.....
උබලා මාව එළියට...//
රස්ති... මේ ටික ඇති. මම වෙන මුකුත් නොලිය ඉන්නම්.
Reply
Replies
රස්තියාදුකාරයාSeptember 1, 2013 at 8:02 PM
මුලු ජිවිතේම හිස් තැනක් බං....... **************
නිදාගෙන සිටි මා වැනි මහල්ලන් අවදි කර උඹ නින්දට යාම යුතු නොවේ.මගේ සිංහල අක්ෂර භාවිතය ගැන සමාවෙයන්.වැරදි බොහෝමය.
මචන් මං කියන්න ඔනෙ ටික කෙලින්ම කෙටියෙන් කිවුවෙ හිතලාමයි.
Deleteඋබ කියපු එක කතාවක් මන් පිලිගන්න්වා. කොටින්ම මන් මේ බ්ලොග් එක හැදුවෙම උබ ඔය කියනවා වගේ සමාජය ඇතුලේ කතිකාවතක් හදන්නමයි. එත් මං හිතපු තරම් සමාජය විශාල නැහැ. ගොඩක් උන්ට ඔනේ ඇවිල්ලා මන් අවා කියන්න විතරයි. ඕක තමා දැන් fb එකෙන් වෙන්නෙ. උබ හොදට බලපන් මම කලින් දාපු "නිරුවතින් පාර දිගේ" පොස්ට් එක පාවා කොච්චර කතා උනත් හරි දේ ගැන කතා උන් නැහැ.
උබ ගැන මට සතුටුයි උබ, උබෙ ඔලුවෙ තියෙන දේ අපිත් එක්ක බෙදා ගන්න එක ගැන. අනික උබෙ වයස කතාව තුලට අදාල නැහැ. මන් ප්රවේශය ගන්න එක ඇත්ත ඒක ඇදගෙන යන්න තරම් සමාජයට කුතුහලයක් ඇම්මක් නැහැ. එකයි මන් කියුවේ මුලු ජිවිතේම හිස් තැනක් කියලා. අපි මෙහෙම ගියොත් කව්දාවත් ලොකු විදිහට හිතන්න හමබෙන් නෑ. හැමදාම පොඩි උන් වගේ ඔලුව විතරයි.
කතාව පටන් ගන්න වෙන්නෙම මෙතනින්. අපි කතා කරමු.
කියෙව්වම හිතෙනදෙ අකුරු කරගන්න බ් බන්
ReplyDeleteඅපේ ගොඩක් දේවල් වලට වෙන්නෙ ඕක තමා...හිතට දැනෙන දේ අකුරු කර ගන්න බැහැ.
Deleteගොඩක් එව්වා බලෙන් එලියට ඇදල දාන එකනේ කරන්නේ...
ReplyDeleteරසවත් නිර්මාණයක් සහෝ එත් යතාර්ථය එතරම් රසවත් නෑ.
යාතාර්තය කොහොමත් රසවත් නැහැ...කොහොමත් අපි ඒ යාතාර්තය ඇතුලේ හුවමාරු වෙනව...
Deleteජීවිතය එක නිමේෂයක අත්දුටු අහඹුවක් සරලවම කිව්වොත් එහෙමයි....
Deleteඑලියට ආපු එවුන්ට වෙන දේවල දැක්කම එහෙම හරි එලියට නාපු එවුන් වාසනාවන්තයි මං හිතන්නේ
ReplyDeleteනොදන්න කලළයට පවා ඒක දැනෙනවා. පෙකනි වැලක තියෙන ආරක්ශාව භෞතික ලොකේ කොහොමත් නැහැ. කලළයක් හැදේන්න පාවා ශුක්රානු වේනම වෙනම යුද්දයක් විප්ලවයක් කරන්වා. ඩිමබ එක්ක ගර්භාශය ඇතුලෙ. අපි ඒක පවා හෙන හැල්ලුවකට ලක් කරන්වා.
Deleteපට්පම නිර්මාණයක් රස්තා මේක...
ReplyDeleteඒ පට්ට කම ඇතුලෙ කිය වෙන ඇත්ත ගැන මට තියෙන්නෙ කලකිරිමක්. අපි තවමත් ප්රාරථමිකයි. අපි හුස්ම කියලා ඇතුලට ගන්නෙ ඔක්සිජන් විතරක් නෙමේ. කතාව තව දිගයි. අපි හැමදාම නවතිනවා මගින්.
Deleteසුපිරි :) අතිසය සුපිරි
ReplyDeleteඅර කාබන් පෑනෙ කුරුටු චිත්රෙත් උබේද?
Deleteස්තුති සමියා....චිත්රය නම් මගේ නේමේ බං.
Deleteකියන්න ඕන ඒවා කියලා ඉවරයි.. මම හිතන්නේ මම උඹ ගැන ගොඩක් කලින් කතා කලා...
ReplyDeleteමම කියන්නෙ මචන්, මගේ පොස්ට් වලට කමේන්ට් වැටෙන්න ඔනෙ කියලා නේමෙ....පොස්ට් එකේ කියන කතාව තව ඇතුලට කමෙන්ට් හරහා විහිදෙන්න ඔනේ කියලා. උබ මුල ඉදලා කතා කලා ඒක ගැන. ඒ සතුටුයි.
Deleteපොස්ට් එකේ තියෙන්නේ මගේ ඔලුවේ තියෙන දේ කමෙන්ට් කියන්නෙ සමාජයට ඒක පේන විදිහ.
හරියටම හරි රස්ති. උඹ කියනදේ තමයි වෙන්න ඕන. මම එකඟයි ඉහළින්ම.
Deleteවෙනස් සිතුවිල්ලක්. හැම වෙලාවෙම ලස්සන නිර්මාණයක් හැදෙන්න වෙනස් දැකීමක්, සිතුවිල්ලක් තියෙන්න ඕනේ. ඔබගේ රචනාවන් තුළ එය තියෙනවා. ඒ නිසා ඔබගේ ඍජු වූ රචනාවන් අගය කරනවා.
ReplyDeleteකුරැටු ගෑ ගී පවුරේ අපි
රට පිරිහිලා ඉවරයි බොලව්
ReplyDeleteකෝරලේ වලව්ව