Wednesday, September 11, 2013

අකීකරු අකුරු....

 

 

මණ්දාකිනියේ......

අතරමංව ගිය තරු කැටයක්..

චක්‍රාවාටයේ...

ජිවිතය සොයා ගිය තරු කැටයක්...

තරු කැටයක්....ජිවිතය සොයා ගිය තරු එලියක්....

 

කළු පාට සමාජයක...

පාට සොයන රස්තියාදුව..


සීමාවක් නැති අන්ධකාර අහසේ...

දුවිල්ලෙන් පිරි ගිනියම් මහ පොලවේ.

අදරය පතා....ජිවිතය සොයා....

යන දිගු ගමනක්.....

රස්තියාදුකාරයා...


පාළු අහස යට....

ජිවිතය සොයන රස්තියාදුව...


ගිනි කඳු සිරස මතින්..

ලොදිය වගුරු තුලින්..

දිය බිඳක් පතා ....සරු බිමක් සොයා...

කඩා වැටෙන..... තරු... එලියක්.... 

රස්තියාදුකාරයා...

 

23 comments:

  1. මේ ලියලා තියෙන්නේ උබ ගැනද ????? නැත්නම් රස්තියාදුකාරය ගැනද ????

    ReplyDelete
    Replies
    1. රස්තියාදුකාරයත් මාත් කියන්නේ දේන්නෙක් කියලා මං නම් හිතන් නැහැ. රස්තියාදුව කියලා අපේ සමාජය දකින්නේ පටු විදිහට, ඒ හින්දා මේ වචන ටික ලිය වුනේ.

      Delete
  2. සරු බිමක් නුදුරේදීම හමු වේවි..

    ReplyDelete
    Replies
    1. ඒ වෙනුවෙන් තමා මේ සියල්ල. හුස්ම ගන්න ඉඩක්, කතා කරන්න තැනක් නැතුව අපි හුදකලා වෙලා. එකෙන් මිදෙන්න මේ වැයම.

      Delete
  3. අපූරු හැඳින්වීමක් :)

    ReplyDelete
    Replies
    1. ස්තුති...රස්තියාදුව සමාජය හිතන වට වඩා විශාලයි. ඒකේ පොඩි තැනක ලංකවේ අපි හිර වෙලා.

      Delete
  4. විශ්වයේ ඇති එක් අංශුවක් ගැන හැදින්වීමක්. මුළු විශ්වයේම ඉන්න මිනිස්සු ගැන එකිනෙකට සමාන නොවූ කොයි තරං හැදින්වීම් තියේද බං.. මට පේන්නේ ඒකයි මේකෙන්..

    ReplyDelete
    Replies
    1. අනිවා... වෙනස් විදිහට ලොකේ දකින් එක පිස්සෙක් කියන තැනට කොටු වෙච්ච අපේ අයට මේක දරා ගන්න පුලුවන්ද කියන්න මං දන් නැහැ.

      Delete
  5. ජීවිතයම රස්තියාදුවක්, නොදන්නා තැනකින් පටන්ගෙන , නොදන්නා තැනකින් ඉවර කරන..........!

    ReplyDelete
    Replies
    1. අන්න හරි...නොදන්න දේ වෙනුවෙන් කරන කැපවිම. සමහර අයට විකාරයක්. ඒත් එතන තමා වෙනස, විකල්පය තියෙන්නෙ. අපි නොදන්නවා වුනාට මේ ජිවිතෙම එක එක තැන් වල කරන රස්තියාදුවක් තමා.

      Delete
  6. Replies
    1. රස්තියාදුවද ++++++++++ නැත්නම් වචන ටිකද.....

      Delete
  7. එක වයසකදි ඔය ජීවීතය බොහෝ දෙනෙක් විඳිනවා. ඒත් වෙලාවක හිතෙනවා අපේ ජීවිතාම රස්තියාදුවක් නේද කියලා...

    ReplyDelete
    Replies
    1. සිරාවට. මේ ජිව්තෙම අපි කරන්නෙ රස්තියාදුවක්. ඒක නොදැන අපි අපිටම උඩ බලා ගෙන කෙල ගහ ගන්නවා. මේ ජිවිත සංචාරය තුල අපි අපේ ඉසවු හොයනවා, ඒකම රස්තියාදුවක් කියලා පිලිගන්න කි දෙනෙක් අකමැතිද කියන එක ඒ අයගේ නොහැකියාව.

      Delete
  8. තරු එළියක් රස්තියාදුවකට මග කිව්වාම තරමක අපූර්වත්වයක් එතනට එකතුවෙනවා. තනි තරුවත්, රස්තියාදුවත් දෙකම යොවුන් වියේ.

    ReplyDelete
    Replies
    1. මේ කලේ ජිවිතේ ඇතුලේ ගොඩක් දේවල් පේන්න ගන්නවා. ඒ දෙවල් කොච්චර ප්‍රයොගිකද කියන එක අනුව අපි සර්ථක වෙනවා.මිනිහෙකුගේ ජිවිතේ ගොඩක් දෙවල් වෙනස් කරන්න මේ තරුණ කාලයට පුලුවන්. ඒ වෙනස සමාජයක් වෙනස් කරන්න හැරවුම් ලක්ශයක් වෙන්නයි වුවමනා.

      Delete
  9. රස්තියාදුවක් ඇතුලෙ ජීවිතය හොයනවද ? ජීවිතය ඇතුලෙ රස්තියාදුව හොයනවද ?

    ReplyDelete
    Replies
    1. රස්තියාදුව කියන්නෙ ජිවිතයේම කෑල්ලක්....ඒක නිසා අපි කරන්නෙ ජිවිතේ ඇතුලේ රස්තියාදුව...

      Delete
  10. රස්තියෝ.........ජීවිතය සහ ඒ තුල සැරිසැරීමත් රස්තියාදුවක් කියලා හිතනකොට බොහෝම සරළව කල් ගෙවන්න පුලුවන්. ඒ කිව්වේ වගකීමෙන් තොර කියන එක නෙමෙයි.ඊට වඩා ගැඹුරු අර්ථයකින්.උඹට ඒක දැනෙනවා මං හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවා..... රස්තියාදුව කියලා මං අර්තකතනය කලේ කාලේ කන්න බොක්කුව උඩ ඉදන් ඉන්න එක විතරක් නෙමේ. එතනින් එහාට ගිය පුලුල් කතාවකන්. සැහැල්ලුව තියෙන්න ඔනෙ හිතේ මිසක් ගතේ නෙමේ කියලයි මගෙ නම් අදහස.

      Delete
  11. අපි අපි ගැනම කියනා කතාවක්...

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...