රස්තියාදුකාරයට භෞතික වශයෙන් කියවීමට නොහැකි, බොහෝ දේ කියවීම සදහා යොදා ගන්නේ එම පුද්ගලයා හෝ වස්තුව අධ්‍යාත්මික ලෙස කියව්මයි....................
ඒ අතරින් ගෙවෙන තප්පරයක් තප්පරයක් පාසා වටිනාකමක් එක් වන එකම දෙය "අතීතයයි"
"ගැහැණිය" මං කොහොමද ගැහැණිය ගැන ලියන්න පටන් ගන්නේ...........අසීමිත චින්තන පරාසයක් තුල විසිරෙන ගැහැණිය එක ලිපියකින්, ඡේද කිහිපයකින් කියවිය හැකිද මට..........
රස්තියාදුකාරයා කියවපු එක පොතක තිබුනා ගැහැණියක් විසින් ගැහැණියක්ගේ චරිතය නිරුවත් කරපු.........ඒක තිබුනේ සුමිත්‍රා රාහුබද්ධ 1998 ලියපු "අග පිපි මල්" කියන පොතේ..........
ගැහැණියක් විසින් ගැහැණියක්ගේ චරිතය නිරුවත් කිරීම......
"යුද්ධය නිසා සැමියන් අහිමි වීමෙන්ද, සමාජයේ සමස්ථ පිරිහීම නිසා විවාහ සංස්ථාව බිදී යාමෙන්ද අසරණ වන ගැහැනුන් බහුල අප සමාජයේ උස් මිටි බේදයකින් තොරව ගැහැණිය මුහුණ දෙන කේදවාචකය දෙස බලන්නට ගත් උත්සාහයකි අග පිපි මල්. ගැහැණිය වීම නිසාම මුහුණ දිය යුතු ප්‍රශ්න වලදී සමාජ තාරා තිරම, රැකියාව, ආර්ථිකය යන කිසිවක් නිසා වෙනසක් සිදු නොවේ."
( අග පිපි මල් පිළිසදර )

රස්තියාදුකාරයට සුමිත්‍රා රාහුබද්ධයන්ගේ පොත් වලින් මුලින්ම කියවීමට ලැබුනේ 1994 ලියපු "ඉටි පහන්." මේ ලිපිය මොහත දක්වා එම කෘතිය තුල වූ ගැහැණිය නංවපු හඬේ දෝංකාරයෙන් මගේ සවන් තවමත් අගුලු වැටිලා........ රතුවිතානේලාගේ ඩේසි සුසන් (සෝමේ ), ඇගේ මව දුලිනා......
ගැහැණියෙක්ගේ බඩ පලාගෙන මේ ලෝකේ එලිය දැකපු අපි, තන පුඩුවක එල්ලිලා කිරි බීපු අපි, තව වෙලාවක ගැහැණියකගේ ලැම දිහා බලලා සතුටු වෙනවා, ඇයත් එක්ක යහන ගත වෙනවා........ඉතින් අපිට පුලුවන්ද පිරිමි හිතකින් ගැහැණියක් දකින්න.....ඒක හොදටම කරන්න පුළුවන් ගැහැණියෙක්ටම තමා කියන එකයි රස්තියාදුකාරයාගේ හැගීම.....
අපි ගැහැණියෙක් දකින්න හදන්නේ අපේ අම්මා තුලින්.........නමුත් ගැහැණියෙක් තවත් ගැහැණියෙක්ව දකින්න පටන් ගන්නේ ඇගේ යෝනියේ ඉදන්...........
ලංකාව වගේ ගතානු ගතික සමාජයක ඉදන් සුමිත්‍රා ගැහැණිය දකින්න දරන වෑයම ගැන මටනම් හිතා ගන්න බැහැ...........
"ගැහැණියකට පිරිමියෙකුගේ ආදරය අවශ්‍යය. ඒ හුදෙක් ලෝක චාරිත්‍ර ඉටු කිරීම සදහා නොවේ. සෙනෙහස, ආදරය මෙන්ම කරුණාව හා දයාවද විදිනු සඳහා ය. සුවදායක සෙනෙහසක දැවටෙනු සදහාය. වෙනත් කිසිම කිසිවෙකු සමග ගොඩ නාගා ගත නොහැකි පුද්ගලිකත්වයක් ගොඩනගා ගනු සදහාය."
(අග පිපි මල් 178පිටුව)
![]() |
සුමිත්‍රා රාහුබද්ධ |
"අසිතගෙන් වෙන්ව පැමිණියාට පසුව, හෙවත් අසිත විසින් බැහැර කරනු ලැබුවට පසුව දෙපින් නැගී සිටීමට තමා දැරූ උත්සාහය, එය මල්පල ගත් හැටි අමාගේ සිහියෙහි සිතුවම් විය. කීර්තියද, සෞභාග්‍යද තමා සොයා එන විට සියලු දෙනාම තම සමීපයෙහි සිට ඔල්වරසන් නැගුහ. ගීතිකා ගැයුහ. තමාගේ කීර්තියෙන් බිදක් විදීන්නට තැත දරූහ."
(අග පිපි මල් 220පිටුව)
පවුල් ජිවිතයක් තුල හුදකලවිමට වඩා සමාජීය ලෙස දික්කසාදයකින් හුදකලා විම තුලින් ගැහැණියක් ලබන පන්නරය, ලබන තාඩන පීඩන තුලින් ගැහැනියක් ලබන ජිවය........පසු කලෙක ටෙලි වෘතාන්තයක් වූ අග පිපි මල් නට්‍යයේ තේමා ගීතය තුලින් මුළු කතාවම ඉතා ලගන්නා සුළු ලෙස සාරාංශ ගත කරනවා .
"මෙතනින් බා ගනින්......"
මේ ලෝකයේ කවදාවත් කතා කරලා ඉවර කරන්න බැරි චරිතයක් තමා ගැහැණිය කියන්නේ. ක්‍රෝධය , වෛරය ඊර්ෂියාව ඉදන් ශුන්ගාරය, ආදරය දක්වා විහිදෙන පරාසය තුල සැරිසරන ගැහැණිය සුමිත්‍රා තමාගේ අකුරු වලින් හිලෑ කරලා ග්රන්ථාරූඩ කරන ආකාරය ඉතාමත් සිත් ගන්න සුළුයි.
ජීවන් පරාසය තුල එක් එක් කාල වලදී විවිඩ චරිත රගපාන ගැහැණිය සතු විවිධ හැගීම් නියමාකාරයෙන් උලුප්පා ලිවීමට ඇය දරණ උත්සාහය ඉතාමත් සාර්ථකය බවයි රස්තියාදුකාරයාගේ හැගීම........
"කෝ කෝ වරෙන් යැයි කි තුමනෙරිස් දුලිකාව තමා වෙතට තුරුළු කොට ගත්තේය. තුමනේරිස්ගේ සිරුරේ සිරුරේ උණුසුම දුලිනාට හොදින් දැනිණි. ඒ උණුසුම් ඇත් වන්නට ඇගේ උඩු හිතට ඕනෑ වූ නමුත් යටි හිත ඒ උණුසුම ඉල්ලා තව තවත් තුමනේරිස්ගේ ග්‍රහණයට තුරුළු වනු ඇයට දැනුනි."

"මං උබට පැදුරේ කුලිය ගෙවන්නම්. බුරු ඇදෙන් නැගිට ආ කන්දේ මහත්තයා දුලිනාගේ කිහිලි දෙපැත්තෙන් දැත් දමා ඇ ඔසවමින් ඉල්ලා සිටියාය. තුමනේරිස් අයියා පැමිණෙතයි බියක් දුලිනා තුල ඇති විය. ඒ සමගම කන්දේ මහත්තයගෙ ග්රහණයෙන් ගැලවී යාමේ උවමනාවක්ද දැඩිව ඇති විය. කෙල්ල වෙනුවෙන් තමා ගත කරන්නට වලි කන පිරිසිදු ජීවිතය ගතකරන්නට මේ ගමේ පිරිමින් ඉඩ දෙන්නේ නැත."
(ඉටි පහන් 44පිටුව)
සමස්ථ සමාජයම වෙනුවෙන් ගැහැණිය නියෝජනය කිරීමට අග පිපි මල්, ඉටි පහන්, කන්දක් සේමා, බුමුතුරුණු, කටු ඔටුනු, දළ රළ පෙළ, කේලි මඩල ආදී කෘති තුලින් සුමිත්‍රා රාහුබද්ධයන් ගත් උත්සාහය වෙනුවෙන් තබන මේ සටහන, ඇයගේ කෘති පිළිබද, ඇයගේ දැක්ම පිළිබද මාගේ අදහසයි..........එසේම ඇගේ නිර්මාණ කාර්ය වෙනුවෙන් මා කරන ලද මේ අකුරු සටහන ඇය කල නිර්මාණ වලින් බිදකි...........