සීතල දිය බින්දු දිය වෙන්න පටන අරන් හදිස්සියෙන්ම...උදෑසන රතු පාට ඉර එලිය වැටිලා හිම කැට හරියට දියමන්ති වගේ. ඈත බටහිර කඳුවැටිය දිහා ඉදලා ගලාගෙන ආපු ඒ සීතල සුළංපාර හරියට ජිවිතෙ පළවෙනි පාරට විදිනවා වගේ ඔහු ඇස් පියා ගෙන ඒ සිහිල විදින්න උනා. ඇත්තටම ඒ සුළගේ තිබුනේ ප්‍රේමණිය සුවඳක් තමා.
ඒ වන විටත් ඔහුගේ උයනේ තිබුන සියලුම රොස මල් වල සුවඳ ඒ සුළග නතු කර ගෙන තිබුනා සීරුවට.
ඒත් ඔහු වැයම් කලේ ඒ වර්ණවත් සුවඳ අතරින් ඔහුගෙ උයනේ තිබුන වටිනාම මල වන නිල් රෝස මලේ සුවඳ වෙන් කරල හදුන ගන්න. ඒක ඔහුට කොතරම් සහනය ගෙනවද කිවුවොත් ඔහු තාමත් ජ්වත් වෙනවා කියලා ඔහුට දැනේන්න උනා. ඔව්. ඔහු තාමත ජිවත් වෙනවා. ඒ නිල් රෝස මල වෙනුවෙන්. ඇත්තටම.
ඔහු තම පාළු කුටියෙන් එලියට අවා. ඔහුගේ දෙපා නොදැනීම පියමන් කලේ ඔහුට අයිති එකම වස්තුව වන ඒ රෝස පදුර වෙත. ඔව්. ඒ නිල් රෝස මල වෙත.
.....................
ඒක ගොඩක් ලස්සන රාත්‍රියක් සඳ හරියට පායලා තිබුනේ අහසේ කෙරොලට වෙන්න, හරියට තරු වලට දග කරන්න ඉඩ දිලා වගේ. තරු පොකුරු වලින් පිරිලා ගිය ඒ අහස දිහා ඔහු බලා ගෙන හිටියේ හරියට සිහිනයක් ඇතුලේ අතරමන් වෙලා වගේ.
පාළු කුටියේ වහලයේ මුල්ලක එල්ලලා තිබුන ලන්තැරුමේ දැල්ල, සුලඟ වැදිලා සෙලවෙන තාලේට ඔහු ඔහුගේ වස්දඩුවට පන දුන්නා...
ඒ සිතල රාත්‍රියේ සඳ එලිය දිය වෙච්ච පිනි වතුර රෝස මල් වලට වැටුනේ හරිම ආදරනිය විදිහට...උයන කෙලවර උණ පදුර සිලි සිලි නගන හඬ ඒ රාත්‍රිය තවත් වර්ණවත් කරනවා.
ඔව්. ඒක අදහගන්න බැහැ තමා. ඇත්තටම.
ඇත්තටම ඒ කඩා වැටුනේ තරුවක ද... ඔහු කිට්ටුකලා ඒ ඉසවුවට අතින් ගත් මළානික ලන්තැරුමත් එක්ක. දේවියනි ඒ තරුවක් නෙමේ සුරංගනාවක් රන් වන් පියාපත් ඇති සුරංගනාවක්. ඔහු ඔහුගේ අම්මා ඔහුට කුඩා කාලයේ කියා දිලා තිබුනා සුරංගනාවියන් එක්ක මේ දකිනේ සිහිනයක්ද කියලා ආයේ බලන්න උනා.
නෑ ඒ ඇත්ත සුරංගනාවක් තමා....
ඒත් ඒ වෙන කොට ඇය හිටියේ ඔහුගේ වටිනාම වස්තුව වන නිල් රෝස මල ගාව. ලොකේටම එකක් විතරක් තිබුන, ආයේ කවමදාවත් නොපිපේන ඒ නිල් රෝස මල ගාව.
ඔහු දෑස පියාගෙන මොහොතක් සිතන්න පටන් ගත්තා. මේ ගෙවෙන තප්පරය ගැන. ඔහුට දැනේන්න උනා ඔහු මෙතුවක් කල් ජිව්තය කැප කල මේ මල අයිති මේ රන්වන් සුරගනට බව.
ඔව්. ඇයට විතරක්ම බව. ඒත් ඔහු කවමදාවත් විස්වාස කලේ නැහැ ඇය මේ හුදකලා උයනට එයි කියලා මේ දුප්පත් නිල් රෝස මල රැගෙන යන්න. ඒත් ඇය අවා.
දොතින්ම නෙලා ගත් ඒ මල රැගෙන ඇය අවා ඔහු අසලට. ඇයගේ ඒ රන් වන් පියාපත් වලට වඩා ඔහු නැවතුනේ ඒ තොල් සගලට උඩින් තිබුන උපන් ලපයට. ඒ වර්ණවත් උපන් ලපයට.
ඒක ඇයට දිලා තිබුනේ කවුරු උනත් එයට වැඩිපුර ආස කලේ ඔහු, ආදරය කලේ ඔහු. ඔව් ඒ ආදරණීය උයන්පල්ලා.
.........................
ඔහු දෑස ඇරියා. ඉර එලිය වැටුන ඔහුගේ දෑස බොඳ උනේ ඔහු නොදැනුවත්වමයි. ඔහුට මොකක්දෝ අමුත්තක් දැනෙන්නෙ උනා. කවදාවතම දැනිලා තිබුන් නැති විදිහට.
ඔහුගේ පැලට ඉහලින් උයනේ කඩුල්ල අසල ගැටෙන කුර හඬට ඔහු අවදි උනා. ඔහු සිතුවා හරි. ඒ රජුගේ මුර සෙබළු
"කො උඹෙ උයනේ තිබුන ඒ නිල් රෝස මල....කොහෙද උබ එක සැගවුයේ. මේක රජුගේ අණ. ඒ නිල් රෝස මල ඔනේලු රජුගේ දූ කුමරිට...."
ඔහු දැනන් හිටියා කවදා හෝ මෙය සිදුවන බව. ඒත් ඔහු ඒ නිල් රොස මල ආරක්ෂා කලේ ඒ සුරංගනාව වෙනුවෙන් විතරක්ම බව ඔහු දන්නවා.
කඩු අතින් ගත් සේබලු මුලු උයනෙම රෝස මල් කපා බිම හෙලන්නට උනා. ඒත් ඔවුනට ඒ උයනේ තිබුන වටිනාව මල නිල් රෝස මල සොයා ගැනිමට නොහැකි උනා.
සෙබළු අණ ක්‍රියාත්මක කලා. ඒ ප්‍රේමණිය උයන් පල්ලාගෙ හිස රතු පාට රෝස මල් මත තද නින්දකට වැටුනා.
.........................
ඔහු දැනගෙන සිටියා ඔහුට නැවත හුස්ම දෙන්න පුලුවන් එකම විදිහක් ගැන. ඔව්. ඒ සුරගනට පමණයි. ඒ සුරගනටම පමණයි.
සෙබල්ලු ඔහුගේ මුර කුටිය සොදිසි කරද්දී රන්වන් සේඳ සලුවක් සමග තිබු ලිපිනක් ලැබිනි. එහෙත් කවුරුත් ඒ කුමන රටක්ද, දේශයක් යැයි දැන සිටියේ නැත. ඒත් ඒ ආදරණිය උයන් පල්ලා දැනගෙන හිටියා ඒ ආදරයේ පාරාදිසය බව.

නියමයි...
ReplyDeleteවෙනමම ආරක කතාවක්..
පට්ට...
ReplyDeleteඑල.. එල කියන්නේ මචං හදවතින්ම..
ReplyDeleteඑල
ReplyDeleteSurangana kathavak vage harima mihiri. Avasanaya dukbara novee thibuna nam nethara kandulak nagune nathan thawath lassana vevi samaharavita
ReplyDeleteE upan lapayata vadiyenma adare kale ohu. Man marenakalma. Eya Magen illuwa ekama de eka vena kenekta denna epa kiyala. Eka uda kandulu bindu nam vatuna 😞😥 but he will never know
ReplyDelete2 kamaraya katha karana dehi gasa langa janelaya
ReplyDelete