Sunday, January 19, 2014

ඉර ගාව තනි රකින්න එනවා ද...!




ඉරට තනි රකින්න ඔබ එනවාද 

සිදුනු අත් තටු තියන්..

ගිනි ගහන පොළවට ටිකක් ඉහලින්

ඉරට තනි රකින්න ඔබ එනවාද..

 

රඳවන්න උණුසුම හිම පියලි

දෙතොලේ...

දිය වෙන්න ජිවිතය ප්‍රේමය 

තුරුලේ...

ගිනි ගන්න පපු ගැබුර තුරුලේ 

සිප ගන්න ඔය දේතොල රිසි සේ...

කියන්න ඔබ මට රහසේ...

ඉරට තනි රකින්න ඔබ එනවාද 

සිදුනු අත් තටු තියන්..

 

හිම වරුසාව මැද ඉර එළිය අවා 

ඒ එළිය ලඟ මම ඇඬුවා..

විල් පතුලේ ඉර ගිලේනකන්

මම ඇඬුවා...

අවසානේ....ඔබ අවා......

 

ඉර ගාව හිම දිය උනේ නැහැ...

ඉර ගාව ඔබේ රුව මට පෙනුනේ නැහැ...

ඉර ගාව ඔබේ සුවඳ මට දැනුනේ නැහැ...

නැහැ....නැහැ....නැහැ.....


ඉර ගාව තනි රකින්න ඔබ අවා 

ඉරුනු අත් තටු තියන....



12 comments:

  1. ඉර ගාව තනි රකින්න ඔබ අවා
    ඉරුනු අත් තටු තියන....


    පව් බං... හරිම ආදරණීයයි...

    ReplyDelete
  2. පළමුවර රස්තියාදුවේ විත් මෙහි ගොඩවීමි.......

    ආයෙමත් එමි කියා දැන් යමි

    ReplyDelete
  3. එල පෝස්ට් එකක්...එන්න අපේ බ්ලොග් එකටත් http://cyberzonelanka.blogspot.com/

    ReplyDelete
  4. නම රස්තියාදුකාරයා උනාට වචන නම් එහෙම නෑ වගේ. නියමයි. සුපිරි පද ගැලපීමක්.

    ReplyDelete
  5. මොන එහෙකට ආවාද රස්තියෙක් ගාවට :D

    නියමයි!

    ReplyDelete
  6. ඉරට තනි රකින එකත් වෙනස්ම හැඟීමක් වේවි මගේ හිතේ හැටියට..

    ReplyDelete
  7. ඉරට වගේම හදටත් තනිරකින්න පුළුවන් වෙන්න ඕනෙ මචෝ..එතකොට හිරු එළියට වඩා සදරැස් උණුසුම් වෙන්න පුළුවන්...

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. Nirmanakaranaya, rasawindanaya wal wedunu mewage kaleka rastho oyanam patta..
    wish you all the best.
    man blog walata aluth. math heeniyata blog ekak patangatta. godawela balannako hodada kiyala.

    http://masandumal.blogspot.com/

    ReplyDelete
  10. කේමදාස මාස්ටර්ට අනුව නම් හොඳ ගී පදමාලාවත්. ටිකක් උත්සාහ කරල බැලුවොත් නරකද ගැඹුරු හඬකින් ගිතයක් බවට පත් කරන්න

    ReplyDelete
  11. තටු සිඳුනු නමුත් මගෙ
    හිත හය්‍ය නියාවෙන්
    එන්නද ඉතින් මන්
    ඉරට තනි රකින්නට ......

    අවු රස්නෙ වැඩි උනත්
    පොලව ගිනි ඇවිලුනත්
    හිම පියලි ඔබ ගාව පරවුනත් දුකක් නෑ
    ඉඩ දෙන්න ඔබ ගාව දිය වෙන්න මගෙ මුලු ජීවයම
    ගිනි ගත්ත ඔය පපුව
    සිප ගන්න සීතලට කියන්න ආසයි මට.....

    ගොඩ දවසකට පස්සෙ මෙ පැත්තේ ගොඩ උනේ ලස්සනයි. ආයෙත් එන්නම්.


    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...