![]() |
රස්තියාදුකාරයටත් දැන් නිවනක් නැහැ.............කොයි වෙලාවේ බැලුවත් computer එක ඉස්සරහමයි.
මේ ලගදි අපේ කස්ටිය පොඩි කයියකට සෙට් වෙච්ච වෙලාවේ හොද කතාවක් ඇදිලා ආවා. ඒ කතාව පොඩි උනාට ඒකෙ ලොකු ගැඹුරක් තියනවා කියලා රස්තට හිතුනා. ඒ කතාවේ සාරාංශය තමා මේ තියෙන්නේ.
මොනවා කරන්නත් කලින් නත්තලටයි අලුත් අවුරුද්දටයි සුබ පතලා ඉන්න එපෑ. ඔන්න වේනදා වගේ "සාමය සතුට පිරි" කියලනම් මේ පාර කියන්න බැහැ, මොකද අපේ උතුමාණන් ඇතුළු රාජ සබාව අපිට සාමය සතුට ඇති වෙන්න ගෙනල්ල දීලනේ තියෙන්නේ...... සතුට වැඩි කමට අපි යැවුවේ මල් වෙඩි නෙමේ බෝල චන්ද්රිකානේ.......
ඒ නිසා මේ පාර මගේ පාර්ථනාව "ප්රජාතන්ත්රවාදය අගයන සුබ නත්තලක් හා අලුත් අවුරුද්දක් වේවා" කියලයි...... මේ අවුරුද්දේ වැඩිපුර කිය වෙච්ච වචනයත් ඕක වෙන්නැති මයේ හිතේ.
මම කියන්න ආවේ ඒක නෙමේනේ. Face Book නිර්මාතෘ Mark Zuckerberg කවදාවත් හිතන් නැතුව ඇති මේ වගේ සමාජ සම්බන්ධතා ජාල වෙබ් අඩවි නිසා මිනිස්සු රටක්, සමාජයක් විදිහට මේ වගේ පහත් තැනකට වැටෙයි කියලා...........
මේ දින වල රටේ පවතින බොහෝ අපරාද රැසකටම මුල බීජය ව් තිබෙන්නේ Face Book, Twitter වැනි සමාජ සම්බන්ධතා ජාල බව නොරහසක්. මිට හේතුව දියුණු වෙමින් පවතින අප වැනි තුන්වන ලෝකයේ රටවල් නව තාක්ෂණය සමග බද්ධ වීමේදී ඇති වන අඩු ලුහුඩු දැ නිසා කියලයි මගේ හැගීම........
එසේම ලංකාව තුල තවමත් බොහෝ විට තරුණ වයසේ පසුවන තරුණ තරුණියන් ගෘහාස්ශ්රිත පරිසරයට කොටු වීම තුල, ඔවුන් අවට ලෝකය සමග සම්බන්ධ වීමට ඇති එකම මාර්ගය ලෙස දකිනුයේ අන්තර්ජාලය පමණි. එවිට ඔවුනට තිබෙන සියලු මානසික හා කායික පීඩනයන් මුදා හැරීමට යොදා ගනු ලබන්නේ අන්තර්ජාලය ආශ්රිත ක්රියාකාරකම්ය. එවිට ඔවුන් Face Book, Twitter වැනි වෙබ් අඩවි හරහා දකින සමාජයයි ප්රයෝගික සමාජයයි අතර වෙනස හදුනා නොගැනීම තුල වර්තමාන සමාජය තුල වල්මත් වීම පුදුම විය යුතු කරුණක් නොවේ.
ඒසේම Face Book වැනි වෙබ් අඩවි හරහා සිදු විය යුතු අරමුණු ඉක්මවා ගොස්, දැන් ඇති නව ප්රවනතාවය නම් තමා upload කරන image හෝ post එක වැඩි වාර ගණනක් share වීම හෝ comment වැඩි පුර ලැබීම වැනි පටු තැනකට ගොස් ඇත. මෙවැනි දේ හරහා සමාජය තුල සිදුවෙමින් යන විපර්යාසය සුළු කොට තැකිය නොහැක. කවරෙකු හෝ අනතුරකට භාජනය වු විට ඔවුන් ඉන් මුදවනවා වෙනුවට බොහෝ මිනිසුන් එය ඡයාරුප ගත කිරීම වැනි පහත් දේ කිරීමට පෙළඹි ඇත්තේ ඉහත ප්රවනතාව නිසායි.
ඇල්බට් අයිස්ටයින් අවසානයේ තම නිර්මාණ පිළිබද කලකීරි සියදිවි හානි කරගත්තා සේ Mark Zuckerberg කුත් කලකිරෙනා දිනය වැඩි ඇතක නොවන බව රස්තාගේ අදහසයි.................
බොහොම හරි කොලුවෝ. මේවා වෙනස් කරන්න පුළුවනුත් උඹලටම තමයි. උඹේ මූනත්තහඩුව මම බුකියේ දැක්කා. ඒ මූනත්තහඩුව හදවතේ සහ ක්රියාවෙත් පවතීවායි මගේ එකම පැතුමයි. අපි ඉදිරියට යමු...
ReplyDeleteඋබලගේ මේ වදන් මට මාර හයියක් මාතලන්..... මේ රස්තා කිව්වා වගේම දිගටම යනවා...........
ReplyDeleteකතාව ඇත්ත.මේ වගේ දේවල් කතා කළ යුතුමයි
ReplyDeleteඅනිවාර්යෙන්ම......නැත්නම් වෙන්නේ මේ ප්රශ්න උඩු දුවන එක
ReplyDeleteරස්තියාදු කරා මහත්තයෝ ඔයා නම් මසුරන් පොරක් ඔඊ පිස්සු හැදෙනවා කොල්ලෝ
ReplyDeleteආතල් එකක් තියන දෙයක් , වැදගත් දෙයක් නම් ශෙයා කලාට මොකෝ , ලංකාවේ ගොඩක් පේජ් වල ශෙයා කරන්න කියන්නේ මෙලෝ වැඩකට නැති දේවල් . ඕල්ඩ් සිලොන්, ශ්රි ලංකා මෙමේ ඇරුණාම වැඩකට ඇති පේජ් එකක් නැතිම තරම් . කොහොම වුනත් සමාජ ජාලයක වගකීම හෝ කාරය භාරය කියල දෙයක් අපිට අර්ථදක්වලා තියන්න බෑ ඒක කාලෙන් කාලෙට රටෙන් රටට වෙනස් වෙනවා .
ReplyDeleteඋබ හරි බුවා. සමාජ සබදතා ජාල වල වගකීම හෝ කාරය භාරය කාලේන් කාලේට රටෙන් රටට වෙනස් විය යුතුමයි නමුත් ලංකාව ඊට අනුගත වීමේ ගැටළුවක් තමා මෙතන තියෙන්නේ.
ReplyDelete