Sunday, May 8, 2016

කදෝපැණියෝ





හරිත නිම්නය පෙනි පෙනි 
අතරමං විම සුලභ ලකුණක් 
කදෝපැණියෙකුට 

සිතියමක් නොමැති චාරිකාවකට 
රිසිම නම් ඔබ,

අඩි පාර කෙළවර
උයනක බංකුවක ඉඩ ඇත 
මග සලකුණු වෙනුවට
පෙම් සලකුණු තියෙන  



7 comments:

  1. අඩි පාර කෙළවර
    උයනක බංකුවක ඉඩ ඇත
    මග සලකුණු වෙනුවට
    පෙම් සලකුණු තියෙන ///

    1000% ක් එකඟ තැනක්
    අපූරු කවක්

    ReplyDelete
  2. උයන් කෙලවර
    බංකුගානේ
    නොවී නම් ඔබ මංමුලා

    නුඹට රිසි වුන
    සෙවන දීමට
    වන මලක් ඇත හිනහිලා

    ඉඳින් එනු මැන
    නොවී මඟ තොට
    හරිත නිම්නෙට පියඹලා


    අපූරුයි ඔබේ පද පෙල
    ජයවේවා!!

    ReplyDelete
  3. ඒ කවි ලස්සනයි . ඒත් වේදනාකාරී.

    ReplyDelete
  4. Almost 10 years

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...