Thursday, February 6, 2014

මැවුම්කරුවානනි නුඹ කොහි ද..!

  

               මැවුම්කරුවානනි,

               ආත්මාර්ථකාමීයේකි 

               නුඹ...!


               නිම්න දෙකක සිර කලේ ඇයි 

               හුදකලා සිත් දෙක...

 

               කල්වාරි කන්ඳ මුදුනට 

               හිමාලය පෙනෙනවා හරි 

               අපුරුවට...

   

               ප්‍රේමණිය මිනිසුන් වී 

               අප දේදෙන...

               පාට දේදුන්නකින්

               යා කරමු.. 

               ශේෂ කඳු දෙක...

  

               වළාකුළුත් ඉඩ දේවී 

               ප්‍රේමණිය සිත් වලට..

 

               කොල පාට ඉහිර ගිය 

               සරුසාර නිම්නෙක....

               එකම වළාකුලක් යට 

               හැංගෙන්න ඉඩ දේමු...

               ප්‍රේමණීය කඳු වලට..

 

               මැවුම්කරුවානනි,

               නුඹ

               පරාදයි...

               ප්‍රේමණිය මිනිසුන්ගේ

               සිත් වලට...



24 comments:

  1. රස්තියාදුවො ලස්සනයි උඹෙ රස්තියාදු කවි පන්තිය පංකාදුයි බොල

    ReplyDelete
  2. ප්‍රේමණියයි ආනන්දනීයයි රස්තා....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්....

      කාලෙකින් දැක්කේ උබව...

      Delete
  3. නියමයි. මැවුම් කරුත් කියවල reply කරයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මෙකට reply කරන්න තරම් මැවුම්කරුට හයියක් නැහැ බං. මම ඒක අනිවාර්යෙන් දන්නවා.

      Delete
    2. මවුම්කරුටත් ෂුවර් නැතුව ඇති එයා මවුම්කරුවෙක්ද කියල ...මෙහෙ සිද්ධ වෙන අමුතු මැවුම් දැක්කම

      Delete
  4. මැවුම්කාරුට කරන්න බැරි ගොඩාක් දේ කළාකාරයෝ.. විජ්ජාග්නයෝ කොරනවා බොල.. එයා හොල්මන් වෙලා ඇත්තේ.. ඒකනේ හිටපු ගමන් ගේම් දෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං. මැවුම්කරු ඒ කාලේ කල වරදට අපි තාමත් වන්දි ගෙවනවා බං. ආගම් කියලා සංකල්පයක් මවලා ලොකේ පටු කලා. දැන් දිගටම අපි ඒ පටු කම ඇතුලේ හිර වෙලා. ආදරය පවා ඒක ඇතුලේ හිර වෙලා. ඒ රාමුව බිදින්න පුලුවනුත් ආදරට විතරයි.

      (මෙහි මැවුම්කාරවාදයක් ගැන කතා කලේ කවියට පමණි. පොදුවේ ලොකය පිලිබද මට ඇත්තේ වෙනත් මතයකි.)

      Delete
  5. ප්‍රේමය ගැන කොහො ලිව්වත් ලස්සනයි. ඒ අදහස් කවියට නිසඳැසට එකතු වුණාම තවත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුයි දයා. ප්‍රේමය කියන එක කොච්චර ලිවුවත් ඉවර කර ගන්න බැහැ. ඒක ඒ තරම් අපුරු සංකල්පයක්.

      Delete
  6. ඇත්ත තමයි, මැවුම් කරු හරි ආත්මාර්ථකාමීයි කියලනම් මටත් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. සිරාවට. එහෙම වෙලත් අපි තාම ඒ මැවුම ඇතුලේමයි. එතනින් එන්න හිතන්නේම නැහැ.

      Delete
  7. ඔහොම මිනිස්සු දැන් මේ ලෝකෙ නැහැ බං..

    ReplyDelete
    Replies
    1. ඉන්නවා බං. ඒ මිනිසුන්ටත් එතනින් එන්න දේන් නැතුව හීර කරලා තියෙන්නෙ. ඕක වෙනස කරන්න පුලුවන් ආදරය ඇතුලෙන්ම තමා.

      Delete
  8. ලස්සන නිර්මාණයක්. අතාත්වික මැවුම් කරු මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ස්තුයි. අතාත්වික මැවුම්කරු කියලා අදහස් කලේ කාවද උඹ.

      Delete
  9. රස්තා.........දක්ශ මැහුම්කරුවෙකුගේ අපූරු ගෙත්තමක් වගෙයි මේ කවිපදවැල්.

    මැවුම් නම් මට කැවුම් වගේ බන්!

    ReplyDelete
    Replies
    1. // මැවුම් නම් මට කැවුම් වගේ බන් //

      ඕක තමා ඇත්ත කාතාව....

      Delete
  10. මැවුම්කරුවානනි,
    නුඹ
    පරාදයි...
    ප්‍රේමණිය මිනිසුන්ගේ
    සිත් වලට...
    සත්තකින්ම ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඇත්ත...ඒත් ඒක ලොකු ගැටලුවක්. ගොඩක් මිනිස්සුනට ඕක තේරෙන් නැහැ. කොච්ච්ර සංවේදි අය උනත් මේ තැනදී හිතන්නේ පටු විදිහට.

      Delete
  11. හරිම ලස්සනයි

    ReplyDelete
  12. Mawumkaruvanan parada venne naha mithraya

    ReplyDelete
  13. Mawumkaruvanan parada venne naha mithraya

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...