Friday, July 12, 2013

අහම්බෙන් හමු වූ දින පොත.......



" ඔව් උබ එහෙනම් මේ පොත හොයා ගත්තා...........මං දැනගෙන හිටියා කවදා හරි කවුරු හරි මේක හොයා ගන්නවා කියලා........ඒත් මං දැනගෙන හිටියේ නැහැ ඒක වෙන්නේ කවද්ද, කවුරු අතින්ද කියලා..........ඒත් දැන් මේක ඔබ කියවනවා කියන්නේ, මේ දුවිල්ලෙන් පිරිලා ගිය.....අපැහැදිලි අත් අකුරු......නොගැලපෙන වචන......සහිත මේ සටහන් පොත ඔබට හම්බෙලා කියන එකයි......

මං දන්නවා උබත් මේ අපුර්ව විල හොයාගෙන මේ කළු අන්ධකාර වනාන්තරයේ අතරමං උන කෙනෙක් බව.......එත් උබ මේ විලට බහින්න කලින් මේක කියෙවූවොත් ඒක උබේ වාසනාව මිසක් වෙන මොකක්වත් නේමේ......"  


මං ඇස් ඇරියා.....ක්ලොරියස් තණබිම පිසගෙන ආපූ ඒ සිතල සුළං පාරත් එක්ක........වෙනදා වගේම බාගෙට ඇරලා දාල තියෙන ඒ ලී දෙපලු ජනෙල් පියන් ඊයේ රෑත් ඇරලා දාල තිබිලා තියෙන්නේ.....හැමදාම මාව අලුත් පාරාදීසයකට අරගෙන යන ඒ වර්ණවත් සිතුවම ඒ ජනෙල් කවුළු අතරින් ඈතට පේනවා......ලා කොළ පාට කැන්වස් තිරයක් මත සිත්තම් කරපු ඒ විලෝ තුරු මුදුන් වලින් වැහිලා ගිය නිම්න භුමිය හැමදාම මාව ජිවත් කරවන්න හුස්ම දෙනවා..........

හිම පියලි තැවරිච්ච ඒ සිතල සුළං පහර පොප්ලර් තුරු මුදුන් වල දැවටිලා විසිරිලා යන හැටි......විලෝ ගස් යායට එකිනෙකා සිප ගන්න උදවු කරන ඒ අහංකාර සුළඟ........රංචු පිටින් නිම්න භූමියම වර්ණවත් කරන ගී කියන කුරුල්ලෝ......මං කොහොම නම් ඒ වර්ණවත් පරාදිසයෙන් අයින් වෙන්නද......මං තව ටික වෙලාවක් ඒ අපුර්ව නිම්නය දෙස බලාගෙන හිටියා......

දොර ඇරගෙන එළියට ආපු මම.......ඒ දකුණු පස තිබුණ කුඩා කඳු ගැටය වෙත පියවර මැන්නේ සිහිනයක අතරමං වූවකු ලෙස.....

හැමදාම රතු පාටින් වරණ තවර ගන්න ඉරට......අද ඒ පාට දීලා නැහැ වගේ......දිය සායම් දිසියට වතුර මුසුවෙලා විසිරිච්ච වර්ණවත් එකතුවෙන් මුළු අහස් ගැබම පාට වෙලා.....මං ඒ අහස දිහා බලන් හිටියට, මේ හුදෙකලා මට පුලුවන්ද ඒ පාට එකී නෙක වෙන් කරන්න........

පහළ විලෝ ගහට කිට්ටුව පිදුරු හෙවිල්ලපු මගේ නවාතැන් පොළ......හරියට සුරංගනා කතාවක වගේ.....වහලය මත රැදුන, සුදු පාටින් දිලිසෙන හිම කැටිති එතනට ගෙනාවේ අමුතු අපුර්වත්වයක්.......පුළුවන් නම් මට දිය වෙන්න ඒ අපුර්ව හිම පියලි තුල.......

ඔව්‍...ඒත් ඒ දවස උදා උනා.......මට යන්න උනා.......ඔව්‍ ඒ අන්ධකාර වනාන්තරයට......ක්ලොරියස් තණ බිම පහු කර ගෙන ඇතුලටම......ඈතට..... ඈතට.....ඈතටම......ඒ පුරාවෘර්තේ කියපු විදිහට.......
 
ඒ අපුර්ව විල හොයාගෙන.....ඒ කිදුරියෝ හොයා ගෙන..........

මම පුරාවෘර්ත කියවලා තිබුණා......සුරංගනා කතා
ත් කියවලා තිබුණා.....ඒත් මං මාව කියවලා තිබුනද කියල මං කල්පනා කලේ, ඒ අඳුරු වනාන්තරේ පටන් අරන් ටික දුරක් අවට පස්සේ......

කෝ ඒ සීත සුළඟ.....කෝ ඒ විලෝ ගස්.......කෝ ඒ ගී කියන කුරුල්ලෝ...... මං ආයෙත් හැරිලා බැලුවා......මං හොයන්න ගත්තා ආයේ උමතුවෙන් වගේ.

ඉමක් නොපෙනෙන ඒ අන්ධකාරය ඇතුලේ මං ඇවිදිනවා.......ඔව් මං ඇවිදිනවා......මටත් නොදනිම මං ඇවිදිනවා....මට මහන්සි ඒත් මට නවතින්න විදිහක් නැහැ.....දිගටම... දිගටම... මං ඇවිදිනවා....

මං දන්නවා ඇද වෙච්ච මේ අකුරු වලින් මං ඉන්න මේ අන්ධකාර ලෝකය කොච්චර අඳුරුද කියලා තේරෙනවා ඇති කියලා.....
ත් මං මේක ලියන්න ඕනේ....ආයේ කවුරු හරි මේ අන්ධකාරයට එන්න කලින් මේක කියන්න ඕනේ......ඒත් මේක කවුරු හරි කියවයිද.....???

මං කියවලා තිබුන පොත් වල සුරංගනාවියන්ට ලස්සන තටු ලැබුනේ කොහොමද කියලා ලියලා තිබුනට.......නපුරු වෘර්කයන්ට තිවුනු දත් ලැබුනේ කොහොමද කියලා ලියලා තිබුනේ නැහැ......

වෙනදට සිතල සුළං එක්ක පොර බදපු කෙස් වැටිය දැන් උණුසුම් දහදියෙන් නැහැ විලා ගිහිං...

අතේ තියන් ඉන්න ලන්තැරුම මලානික පහන් එළිය එක්ක පොර බැදුවත්......මුළු අන්ධකාරයම බලන් හිටියේ ඒ එළිය ගිල ගන්න වගේ.....පහන් දැල්ල පවා එහෙ මෙහෙ වැනුනේ ඒ මුග්ධ අන්ධකාරයට බියෙන් වගේ.....

මං නැවතුනා.......ඒ විශාල කළු පාට ගහ ගාව. නිවෙන්න ආසන්න පහන් එළිය වැටුන ඒ ගහ මට මැවුවේ එකම එක රුපයයි....ඒ රූපේ මන් දැකලා තිබුනේ පොත් වලින් විතරයි.......

මං දැන් ඇස් වහගත්තත් වැඩක් නැහැ. මොකද, මං දැන් කොහොමත් ඉන්නේ කළුවරේ.....අස් ඇරන් හිටියත් වැඩක් නැහැ. ඒත් මං ඉන්නේ කළුවරේ....

ඔව් මං කළු පාට අන්ධකාරයේ හිර වෙලා.......ඇයි අන්ධකාරය කළු පාටින් විතරක් පාට කලේ මං මගෙන්ම ඇහුවා......

සීතල පිණි බිංඳු විසිරිච්ච ක්ලොරියස් තණ බිම......ඈත සිගේරා කඳු වැටිය ඉහළින් පායන දේදුන්න......පාට පාට පින්සල් පාරවල් වලින් හැඩ වෙච්ච ඒ නිම්නය.....මාව ආයෙමත් ඒ වර්ණවත් අතීතයක යාත්‍රා කරවනවා.....

නැහැ... නැහැ... මං දැන් ඉන්නේ නපුරු අන්ධකාරයක......මාව ඒ අතීත සිහිනෙන් අවදි කලේ උගුර කකියගෙන ආපු ඒ වතුර පිපාසේ.....අතේ තිබුන වතුර ඉවර වෙලා කියල මං දන්නවා......

ඒත් මං හොයාගෙන ආවේ වතුර පිරිලා උතුරලා යන......දිය කිදුරියෝ පිරිලා ඉන්න අපුරු විලක්........ඔව්‍ අපුරු විලක්.......

මම ආයෙත් ලන්තෑරුම අතට ගත්තත් මට යන්න හරි හමන් නිනවූවක් තිබුනේ නැහැ......ඒත් මට දැනුනා මගේ ඇග ඇතුලෙන් කෑ ගහලා කියනවා කියනවා ඉස්සරහ තියන විශාල විලෝ ගහට ඉහලින් පේන එළිය දිහාවට යන්න කියලා.....

දෙවියනි....ඒක එළියක්.....මට පේනවා......ඔව්‍ ඒක කහ පාට පුංචි එළියක්.......

මං ඒ එළිය දිහාට දිවුවද ඇවිද්දද කියන්න මං තාම දැන් නැහැ.....ඒත් ඒ එලිය දිහාට මන් දිගටම ගියා. ඔව්‍....දිගටම......දිගටම...... 

මේ තියෙන්නේ ඒ විලද.......ඔව්‍ මේ තියෙන්නේ ඒ විල තමා.....ඒ පොතේ තිබ්බ විලම තමා.....ඒත් මට මුලින්ම ඕනේ උනේ මම මේ දකින්නේ හීනයක් නේමේ කියල දැන ගන්න.....

පුරාවෘර්ත වල කියලා තිබ්බ විදිහමයි ඒ කිදුරියෝ.....ඔව්‍ ඒ විදිහමයි......ඒ ඇස්....ඒ දෙකම්මුල්.....ඒ පියයුරු......ඒ වරළ...... දෙවියනි මං කොහොමද මේක පිළිගන්නේ. මං අයෙත් බැලුවා...ඔව්‍ ඒ කිදුරියෝ තමා......මන් මෙච්චර කල් හොයන ආපු කිදුරියෝ තමා.....
 
මට මේ පොතේ ඉතුරු ටික ලියන්න මේ අපුරු විලට බහින්නම වෙනවා......මට ඒ කිදුරියන්ගේ රෝස පාට දෙකම්මුල් ඉබින්නම වෙනවා.....මොකද මේ කාලය පුරාවටම මම හෙවුවේ ඒ කිදුරියම තමා......
                                                    .
                                                    .
                                                    .
                                                    .
                                                    .

මම ඒ විල ලගට එනකොට මට තේරුම් ගියා මම මේ මේ විල හොයා ගෙන ආපු පළවෙනි කෙනා නේමේ කියලා. ඒ විලට ඔබ්බෙන් විලෝ ගහ පාමුල තිබ්බ දුවිලි වලින් වැහිලා තිබ්බ දින පොතයි ලන්තෑරුමයි දැක්කම. මම ඒ දින පොත කියෙවූවේ විලට බහින්න පොඩ්ඩක කලින්......


ඒත් ඒ පොතේ අවසානයක් තිබුණ නැහැ........මම අයෙත් කියේයුවා.....ඔව්‍ ඒකට අවසානයක් නැහැ.....

විල
පුරාවෘර්තේ කියලා තිබ්බ විදිහමයි.....කිදුරියෝ ඒ විදීහමයි.....

ඒ පොත ඔහුට සම්පුර්ණ කරන්න බැරි උනේ ඇයි කියන්න මට තේරුම් ගන්න අමාරු උනේ නැහැ........ඒත් ඒ කිදුරියෝ බලාගෙන ගෙන හිටියේ මම ඇවිත් ඇයව සිප ගන්නකන්........ 

මම අයෙත් හැරුනා.....ඒත් මට ආපහු එන්න පාර මතක නැහැ......මොකද ඒ පුරාවෘර්තේ අයෙත් එන්න පාර කියලා තිබුන් නැහැ. එත් මං අයෙත් යන්න ඕනේ.....මං දන්නවා මේ විල හොයාගෙන එන අන්තිම මනුස්සයා මමත් ඔහුත්
නේමේ කියලා.....

ඒ  පුරාවෘර්තේ විනාශ කරන්න මම අයෙත් යා යුතුමයි.........

 

13 comments:

  1. මේක නං රස්තෙකුගේ දින පොතක් වෙන්න බෑ. හොද දැනුම තියෙන එකෙකුගේ දිනපොතක් මට නම්.
    ගොඩ වදින්න මේ පැත්තටත්

    ReplyDelete
    Replies
    1. දැනුම කියන එක අපි ඕනේ එකෙකුට තියෙනවා නේ බං එක එක විදිහට..........අනික බං නිර්මාණයක් විදින්න දැනුමට වඩා බලපාන්නේ ඒ නිර්මාණය ඇතුලේ අපි කොච්චර දිය වෙනවද කියන එක.......ඒකට දැනුම කියන්නේ එක කරුණක් විතරයි....

      මට අනුව රස්තියාදුව කියන්නේ එක්තරා දැනුම ගවේෂණයක්...........

      Delete
  2. ලියපු පෝස්ට් එකට වටිනාකමක් එක්කරන්න කමෙන්ටුවක් දෙන්න බැරිවීම ගැන කනගාටුයි.....මොකද මේතරම් ලස්සනට පද ගලපන්න සිත්තමී දන්නෙ නෑ රස්තා......

    ReplyDelete
    Replies
    1. ලස්සන කියන එක සාපේක්ෂයි නේ සිත්තමි.......අනික ඔයා මේකේ කමෙන්ට් කලාට වඩා වටින්නේ මේක කියවපු එකනේ........කොහොම උනත් මේක කියවලා මෙතන අකුරු කරපු එකට රස්තගේ ආචාරය.....!!!!!!

      Delete
  3. සුපිරිම පද හරඹයක් රස්තියාදු. හොඳ ගමනකට ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා නලියා........මම නම් ඕකේ පද වලට වඩා කැමති ඇතුලේ දුවන කතාවට......ඒ කතාව අපිව ආමන්ත්‍රණය කරන පරාසය වැඩි වෙන තරමට අපිට ඒ කතාව දැනෙනවා වැඩි........

      ඒක ඇතුලේ කතාව කියවන කෙනාට දැනෙන්න ලියන්න තරම් මම වැඩ්ඩෙක් නෙමේ වෙන් නැති හැබැයි.............

      Delete
    2. පද හරඹයක් යනුවෙන් මා අදහස් කෙළේ ඔබ ඇතුළතින් කතාවක් කියැවෙන ලෙස ලිවිල්ල නිසාම තමයි බං. වාක්‍ය රචනයක හා පද හරඹයක වෙනස එයයි.
      ඉතාමත් මැනවිල් ඇතුළ් කතාව කියවන්නාට දැනෙන්න ඔබ ලියා තිබෙනවා රස්තා.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. එහෙම එකක් වෙලා නම්.......ඒක තමා මම බලාපොරොත්තු උනේ......

      Delete
  4. Geek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013
    ඔබගේ අඩවියත් දැන්මම එකතු කරන්න.
    http://geek.lk/plugin/webgeek/bloggeek

    ReplyDelete
  5. Superb... Rasthage man asama anthima dumriya kathawata.. hebei hema ekakma ekakata ekak dewani ne. patta machooo..

    ReplyDelete
  6. A.. kiyanna beriuna.. blog walata mam goadk aluth. math heeniyata ekak patangatta. nikamata oyalath godawedila balannakoo...

    http://masandumal.blogspot.com/

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...