Saturday, December 28, 2013

සෙවනැල්ල හා වැවු දිය...



 

මිත්‍රයා කොහොමද..?

ඇසුවේ වැවු දිය පුරුදු පරිදිම...

නිහඬතාවෙනි,

වචන ගැලපුවේ පුරුදු ලෙසටම...

 

එබෙන විට සෙවනැල්ල 

ජල තලය මතුපිටට...

 

බලා ඉනු බැරිව දැක 

තනිකමේ කලු එලිය...

 

කැලතුවත් මඬ ගොල්ල 

නැන්වුවා දිය රෑල්ල...

 

දිය වෙලා විසිරෙන්න

හුදකලා සෙවනැල්ල... 

 

ජිවයක් නැති උනත් 

දන්නවා විදවිල්ල...

වැසි පොදක් නොමැති කල

නියගයේ පලිගැන්ම...




Saturday, December 7, 2013

අවසරඳ පෙම් කරන්න....


 

 

 

තුරු හිස්පත් සැලේයි මඳ පවන        වැදුනාම 

ගඟ වුවත් සැරයි දිය ඇල්ල ලඟ             දාට 

තරු කැටත් බයයි ඉර අහසේ           රැඳුනාම

නුබට නැහැ කිසි වගක් මගේ හදේ    මුරගෑම  



සුදු වුවත් කුමුඳු මලට, නෑ සොඳක් ඉර      ගාව 

රතු වුවත් නෙළුම් මලට පැසසුම් හැම        දාම 

විල් පතුල දුර වුවත් සසලයි මල              ගාව

කවි පදත් මදි වේයි ඔබේ නෙත දුටු         දාක



පිනි පොදත් හැඩ වෙයි රෝස මලට      වැටුනාම 

විල් තලය සැනසෙන්නේ  දිය රැල්ල    නැගුනාම 

ඉර වුනත් බැස යන්නේ සඳ එලිය           දුටුවාම 

හදවතත් විමසන්නේ ඔබ එන්නේ          කවදාද



විහඟුන්ට ගී කියන්න වසන්තයම        ඔනෑද 

රංචුවට ඉගිලේන්න අරමුණක්ම       තිබුනාද

මැන ගන්න ආදරය මිනුම් දඬු         ලැබුනාද

එහේනම්....

නුඹ හඳට පෙම් කරන්න අවසරම      ඔනෑද