Saturday, October 19, 2013

අන්තිම දුම්රිය......




 

අන්තිම තැපැල් දුම්රිය ගිහින් ටික වෙලාවක් ගත වෙලා තිබුනත් තාමත් ඒ රාටාවකට ඇහෙන සද්දේ වේදිකාව දලා ගිහින් තිබුනේ නැහැ. ඒ සද්දේ කොච්චර නම් මගේ කනට ඇහිලා තිබුනත් තාමත් ඒ සද්දේ ඇහේන කොට හිත අමුතු අසාවකින් පිරිලා යන්නෙ ඇයි කියන්න මං රස්සවට අපු හැම දවසකම ඉදන් කල්පනා කරනවා. මේ වේදිකාවට එන හැම දුම්රියක්ම තවත් එක දුම්රියක් උනාට, මට ඒ හැම දුම්රියක්ම අලුත් හුස්මක් එකතු කරන්වා....අලුත් ජිවයක් ගෙනත් දෙනවා. ඒ ඇයි කියන්න මං මගේ අතිතයත් එක්ක හැමදාම නොපෙනෙන ඈතක හුදකලා වෙනවා.

 

ජිවිතේ කොච්චර අලුත් උනත් තාමත් පරණ මතක එක්ක ජිවිතේ ගත කරන්න වෙනකොට, නිමක් පේන් නැති රේල් පිලි දිගේ ඇවිදින්න හිතෙනවා....ඒ අතීතය හම්බවෙනකන්.

 

කාර්යාලයේ ඔරලොසුවේ එකේ කනිසම වදිනකොට තාමා මට මතක් උනේ අද දවසේ අන්තිම දුම්රියත් ගිහින් දැන් වරුවකුත් ගත වෙලා කියලා. මම කාර්යාලයට පය ඉක්මන් කලේ හෙට දවසේ දුම්රිය කාල සටහන් ටික මුලස්ථානයට වර්තා කරලා යන්තම් වත් ඇහැ පිය ගන්න කියලා.

 

පුරුද්දකට වගේ මේසේ කේරොලක තිබ්බ සිගරට් පෙට්ටිය වෙත අත ගියේ හැමදාම වගේ ජිවිතේ පාලුව මකන්න ලග හිටියේ ඒක විතරක් හින්දද මන්දා...පත්තු කරපු සිගරට් එකේ දුම් වලින් කාමරයේ පාලු මැකෙද්දි එක පාරට කාර්යාලය දොර ඇරියේ කා එක්කත් එකට දුක සැප බෙදා ගන්න කාර්යාල සහයට හිටපු සිරිපාල..

 

මොකද සිරිපාල මේ ජාමේ එක පාරට...මන් වචන ටිකක් කලබලේට ගොතා ගත්තා...

 

නෑ මහත්තයෝ... මන් මේ වැඩ ටික ඉවර වෙලා මගේ කාමරය යන්න ගිය ටිකට ඉස්සරහා බංකුව උඩ මොකක්ද තියන්වා දැක්කා, ඒ ගමන ගියහම තමා දැක්කේ ඒක පොතක් විත්තිය ඒ ලගම තමා මේ රෝස මල තිබ්බෙත්...

 

කවුරු හරි කොල්ලෙක්ගේ මොකක් හරි නොසන්ඩාල වැඩක් වෙන්නැති මහත්තයෝ...

 

මන් හිතුවේ මොකක් හරි වැදගත් පොතක් වෙන්නැති කියලා...ඒකයි මහත්තයට මේක දෙන්න ගේනාවේ...

 

හරි මං බලන් නම් සිරිපාල දැන් යන්න...

 

ජිවිතේ සමහර අතිත රුප රාමු ආයෙත් වර්තමානය තුල වෙන්න ගන්න කොට අපි මේ ඉන්නෙ හීනයකද නැත්නම් ඇත්තකද කියලා හිතා ගන්න බැරි තැනක අපි අතරමං වෙනවා....

 

සුදු පාට රෝස මලක් එක්ක අපහැදිලි අකුරු වලින් ලියුව දින සටහන් පොතක්....මං ඒ පොතත් අරන් එලියේ බංකුව ගාවට අවා. අතේ තිබුන සිගරට් එකෙන් භාගයම පත්තු වෙලා ගිහින්.

 

මන් බංකුවේ ඉදගෙනම පාන්දරට ඉර එලිය වැටිලා දිලිසෙන ඈත කදු පන්තිය දිහා බැලුවා...ඒත් කලුවරට ඒ එකක් වත් පේන් නැහැ. රේල් පාර ඈත කෙලවරේ කනාමැදිරි එලියක් වගෙ මිදුමට බොඳවෙලා පේන කහ පාට ලයිට් එලිය විතරක් යන්තම් ඇස් දෙක රවට්ටනවා. ජිව්තෙන් භාගයක්ම ගේවිලා ගියේ මේ පාලු හුදකලාවත් එක්ක උනත් අතිතයේ පාට කර ගන්න බැරි වෙච්ච එක හීනයක් තාමත් ඒ හුදකලාව අලුත් කරනවා...


 

පොත අතට ගත්ත මම ඒකේ පලවෙනි පිටුව පෙරලුවා....

 

ජිවිතෙට හැඩයක් පාටක් නොතිබුන මට කොහොමත් පුලුවන් කමක් නැහැ ලස්සන රවුම් අකුරු වලින් මේ සටහන් පොත් පුරවන්න. මේ අකුරු ටික පාවා මේතන ලිය වෙන්නේ හදවතකට දරාගන්න පුලුවන් උපරිම බරක් තියෙන නිසා. ඒත් මෙතන තියෙන්නෙ ඒ බරෙන් කොච්ච්ර පොඩ්ඩකද කියලා දන්නෙ මං විතරයි.

වසන්තය එන තුරු 
බලා සිටි පොප්ලර් ගස් 
සීත සුලඟ වැද සැලේන අපූරුව....

ඒ දවස අවා. නොසිතුව විදිහටම...හිරි පොද වැස්සත් එක්ක වැටිලා තිබ්බ ලා කහ පාට ඉර එලිය ගස් අතරින් අපූරු චිත්‍රයක් මවලා තිබ්බා. වැස්ස මෙහෙට අලුත් නැති වුනත් ඒදා ඒ පොද වැස්ස එක්ක ජිවිතේ ඇතුලේන් අමුතුම හැගිමකින් පිරිලා තිබ්බා. එදා දුම්රියට ගොඩ වුනේ පරණ සටහන් වගයක් යලුවෙකුට දිලා කාලෙකින් හම්බෙන යාලුකම බෙදාගෙන එන්න.

කවුද හිතුවේ ඒ හිත සුරංගනා කතාවක වගේ සුරංගනාවියක් අරන් ගිහින් කවියක් ඇතුලේ හිර කරයි කියලා....

ඒ සුරංගනාවි මට හම්බුනේ අහම්බෙන්...ඒත් ඒ අහම්බය මෙච්චර කල් මාව මේ තරම් දුර අරන් එයි කියලා කවදාවත් මං හිතුවේ නැහැ...ඒත් ඒක එහෙම වුනා...ඒ කාතාවට මන් ආදරේ කලා ඒ කතාවෙ කුමරයා වෙලා ඒ කවිය ඇතුලේ ජිව්ත් වෙන්න මම ආස කලා.

බාගෙට තෙමිච්ච කමිසය පිටින් දුම්රියට ගොඩ වුන මම පොඩ්ඩක් ඉස්සරහට ගිහින් හිට ගත්තේ ඒ වෙන කොටත් ආසන සියල්ල පිරිලා තිබ්බ නිසා. ඒත් එක පාරට කවුළුව ලග හිටිය රුපයක් ලඟ ඇහැ නැවතුනේ මටත් නොදැනිම....ඒක තාමත් මට හීනයක් වගේ.

ඔයා හිටියේ කවුළුවෙන් එලිය බලා ගෙන කොලයක මොනවදෝ කුරුටු ගගා. මං හිතුවේ ඔයා කවි කාරියෙක් කියලා...මන් ගැන  නිනවිවක් නැති වුනත් ඔයා හිටියේ ඒ කවියේ  ඇතුලටම කිමිදිලා....

සටහන් පොත් ටික අස්සේ උඩින තිබ්බෙ යලුවට දෙන්න කියලා හිතා ගෙන ආපු අයිත්මාතවුගේ ගුරු ගීතය පොත. මට ඒ පොතේ ආස කරන කොටසක් මතක් වූනේ ඉබේටම...
   
"බලපන් හරි ලස්සනයි..!! අන්න අර උල්පතේ ඉදලා මෙතනට පොඩ් වතුර පාරක් කපමු. පස්සෙ බලා ගත හැකි කොයිතරම් ලස්සන පොප්ලර් ගස් ද කියලා. මේ කඳු වැටිය උඩ අපේ පොප්ලර් ගස් දෙක සහොදරයන් දෙදෙනෙකු වගේ වැඩේවි. මිනිස්සු හැමදාම ඒ ගස් දිහා බලාවී. හොඳ මිනිස්සු ඒ ගස් දිහා බලන් සීනා සේවී...."

කවුළුවෙන් පහු වෙන ගස් වැල්...පුංචි ගෙවල් දිහා බලන් ඔයා වින්ද සතුට...පොඩි ළමයෙක් වගේ කවුළුවෙන් එලියට අත දලා අතේ වැදෙන වතුර බ්ංදු එක්ක ඔයා හිටපු ලස්සන ලොකේ දැක්කම...මට ඉර්සියාවක් ඇති උන් නැහැ කියලා බොරු කියන්න ඔනේ නැහැ. 

ඒ දඟකාර අත් වලින ලියවෙන කවියේ අකුරු දිහා මං බලන් හිටියේ උමතුවෙන් වගේ...මට ඔනේ කලේ ඒ කවියේ පද පේලියක් ඇතුලේ හිර වෙලා ඒ ලස්සන ජිවිතයේ සතුට විදින්න....නමක් වත් නොදන්න ඒ කවිකාරියක් හින්දා මෙච්ච්ර හීන මවන්න තරම් ළඳරු වයසක මම නොහිටියත්....ඒ සතුට මම තාම  හොයන්වා....ඔව් මම තාමත් හොයනවා...

මගේ නැවතුම්පොල අද මෙච්ච්ර ලඟ ඇයි කියලා මම දුක් උනත්, මම හිතුවේ ඔයා තවත් ඔයාගේ සතුටු චාරිකාවේ ඉස්සරහට යනවා කියලා....

නැහැ...ඔයත් මෙතනින් බහිනවා....!!!!  දෙයියනේ ඇයි මාව තවත් අසරණ කරන්නේ...

මාවත් පහු කරන්න ඉදිරියට ගිය ඔයා දුම්රියෙන් බැහැලා ගියේ නගරය දිහාට....මං වේදිකාවේ ඉදං ඔයා දිහා බලා හිටියේ කැන්වස් කොලෙක ඇදපූ චිත්‍රරයක් දිහා බලන් ඉන්නවා වගේ...ඔයා රේල් පාර දිගේ පහලට ගියේ...පැත්තකට දාපු බෑග් එකත් එල්ල ගෙන....ඔයා සැහැල්ලුවෙන් ඇවිදන් ගිය හැටි. ඒක නම් මට කවදාවත් අමතක කරන්න බැරි වේයි. 

මට ඔනේ උනේ එදා දවස ඉක්මනට ඉවර කරන් ගන්න...ඒත් ඒක උනේ හරි හිමිහිට. අකුරු එකතු කරලා කවි ලියන්න බැරි මම කොහොම හරි අකුරු ටිකක් කුරුටු ගැව... ඒ හීන ඇතුලේ අතරමං වේලාද, නැත් නම් ඒ හීනය මට නොලබෙන බව  හිත ඇතුලේන් දැනුන නිසාද කියලා මම තාම දන් නැහැ....රත්න ශ්‍රි වස්සානේ කවිය මට ලිවුව කවියක්ද කියලා මට හිතුනා.....

වැහි වළාකුලූ රංචු කඳු මුදුන් වල ලගින 
දැන් ඒවී තැනි බිමට - සීතලයි මගේ සිතට 
වැසි සමේ රෑ ඇදේ සිහිනයක් වී ඉන්න 
ඔබ එන්න - ඉතින් මගෙ හෙට දවස මට දේන්න...

ඉන් පසේ දවස් කියක් මං මේ බංකුව මතට වෙලා ඔයා එනකන් බලං හිටියද කියලා මට මතක නැහැ....අද මං ඔයට දෙන්න කියල ගේනාපු සුදු රෝස මල දැන් ටික ටික පර වෙනවා....මගේ හීනත් ඒ එක්කම සූළඟට මුසු වෙනවා...ඔයාට එවා දැනෙනවද.......

අදින් පස්සෙ මට ඔයාව බලන්න අයෙත් මේ වෙදිකාවේ බංකුවේ ඉන්න වෙන එකක් නැහැ....ඒක නිසා මට මේ රෝස මලෙන් වත් මේ කුරුටු අකුරු වලින් වත් වැඩක් නැහැ.....

මේ පොතවත් මේ මල්වත් ඔයාට අයෙත් ලැබෙන එකක් නැහැ....ඒත් මං කැමැත් මගේ හීනය ඇතුලේ දිගටම හිර වේලා ඉන්න....නමක් නොදන්න ඔය ඳගකාර හිනාව ඔයා ලගම තියා ගන්න...මට හීනෙන් වත් දකින්න පුලුවන් විදිහට......

මං ඇස් දෙක පොතෙන් අයින් කලා....සීතල සුළගක් ඇවිත් මුලු ඇගම හිරී වැට්ටුවත්.... හිත තාමත් අතීතයේ....  අපිව දලා යන්න බැරි විදිහට අතිතය අපිත් එක්ක බැදිලා ඉන්න කොට අපි කොහොම නම් ඒව දලා යන්නද....ජිව්තේ එකම දේ දේපාරක් වෙන්න පුලුවන් කියලා අහලා තිබ්බට ඒක මේ විදිහට වේයි කියලා නම් මම කවදාවත්  හිතුවේ නැහැ....

මං කල්පනා කලා මේ බංකුව මත වෙලා දුම්රිය වෙතා නේත් රිදේනකම් බලා හිටිය ඒ තරුණයෙක් ගැන. මට ඒහෙම මතකයක් නොතිබ්බත් මට ඒ සටහන් පොත තුලින් ඒ රෝස මල තුලින් මට පෙන්නෙ මගෙ නොපැහැදිලි මගේ අතිතය විතරයි....




Friday, October 4, 2013

පාර්ලිමේන්තු මහත්තයෝ...!



පාර්ලිමේන්තු මහත්තයෝ........

දැන් නම් උඹ හැඩයි...

ඒත් උඹ දැන් හරි සැරයි...

දැන් උඹ ලග ඉන්නත් මට බයයි....

මොනා උනත් උඹ තාමත් වඳයි...  

 

කන්න නැති අපිට  දිරවන්න බැරි තරම් 

ඇගවල් නැහැ...

තුරුල් කරන් තොල් ඉබින්න අපිට

කෙල්ලො නැහැ...

එහෙවු එකේ අපිට මොකට 

ඔරු පදින්න දියවන්නාවක්....

 

මහත්තයෝ අපිට හරි දුකයි...

අපිට අපි ගැනම හරි දුකයි....

 

තරු පහේ හොටල් වල මධුසමය ගන්න 

හීන මැවුවේ නැහැ....

උකුලේ තියන් සන්සවන්න වෙලා 

තිබ්බේ නැහැ....

එහෙවු එකේ අපිට මොකට 

එල්ලෙන්නට නේලුම් කුලුනු...

 

මහත්තයෝ අපිට හරි දුකයි...

අපිට අපි ගැනම හරි දුකයි..

 

ණය පොතේ පිටු පෙරලෙනවා..

එයා අරාබියේ ඔටුවෝ බලන්වා...

මාස තුනක් ගියා ලියුමක් වත් නැහැ..

මට කිරි එරෙන්නෙ නැහැ..

පොඩි උන් නිදා ගන්නේ නැහැ...

 

මහත්තයෝයෝ.......... අපිට හරි දුකයි...

අපිට අපි ගැනම හරි දුකයි..