Friday, March 29, 2013

සැසදීම පැටලීම හා වැරදීම.......

























එක දවසක ඉර ගෙවුන හන්දැවක්
මතකයි මට.........
ඔයා හිටියේ මගේ පපුවට තුරුල්
වෙලා හැංගිලා......
දෙනෙත් දෙකක් අතරේ අතරමං
වෙච්ච මං.......
ඉර කොහොමද ගිලෙන්න නොදී
බේරාගන්නේ.....

ඔයාගේ මුහුණේ තිබුන
රෝස පාට පියරු දැක්කම 
මට මතක් උනේ..........
අපේ අම්මගේ, දහදිය බේරෙන
ඒ අඳුරු මුහුණ......
ඔයා අවුවට මුහුණ හංගද්දි....???
ඒත්....... 
අපේ අම්මා......අපේ අම්මා......
දහඩියට මුහුණ දිය කළා............

නිල් පාටින් පාට කරලා දිලිසෙන
ඔයාගේ ඇගිලි දැක්කම
මට මතක් උනේ.......
අපේ අම්මගේ, ගින්දරට පිච්චුන
දැලි පිරුණු ඒ අත් දෙක.....
රස්නේ නිසා දුක් වෙන ඔයා....???
ඒත්.........
අපේ අම්මා......අපේ අම්මා......
ජිවිතයම රස්නයට බිලි දුන්නා.......

ඔයා මට  කොච්චර ආදරේද.......
අන්න එච්චරක් මං ඔයාට ආදරෙයි.....
කියූ ඔයා......
පුතේ අර අහසේ කෙලවර කොහේද...........
අන්න ඒ කෙලවර තමා මගේ ආදරේ.......
කියූ අපේ අම්මා........



Saturday, March 23, 2013

දේශපාලනය අකැපද......!!!


මට තියෙනවා ලොකු ප්‍රශ්නයක්.....ඒක තමා මට මේ දවස් වල වැඩියෙන්ම ලැබෙන උපදේශය.  "උබ කැම්පස් ගියාට කමක් නැහැ දේශපාලනය එහෙම කරනවා නෙමේ. පාඩුවේ ඉගෙන ගෙන ගෙදර එනවා මිසක්' යකෝ මේක මාර කෙලියක් නේ........ මාත් ටිකක් කලපනා කරලා බැලුව මේ ප්‍රශ්නය ගැන. මාත් ටිකක් නාහෙට අහන නැති අමුතු අදහස් තියෙන එකානේ. ඒත් දේශපාලනය නොකර දේශපාලනයට හසු නොවී අපිට ජිවත් වෙන්න පුලුවන්ද.....????


මම ඔහොම කල්පනා කර කර ඉන්න කොට මෙහෙම හිතුනා අවුරුදු 18 ඡන්දේ දාන්න පුලුවන්නම් අවුරුදු 21 සිගරට් කඩෙන් ගන්න පුළුවන් නම් කැම්පස් ආපු අපි දේශපාලනය කරන එක වැරදිද.......මම තවත් කල්පනා කළා......


මම මේ කතා කලේ පක්ෂ දේශපාලනයට ඔබ්බට ගිය දෙයක්. මෙහෙම ලියුවම ගොඩක් අය හිතන්නේ මම දැනටමත් දේශපාලනයට වැඩ කරන්න රතු ජෙප්පෙක් කියලනේ..........කරුනාකරලා මව ඒ ගොඩටනම් දන්නා එපා. මට ඕනේ මේක ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න.


මොකද කැම්පස් එක ඇතුලේ ඉන්නේ හය හතර නොදන්නා අය නොවන නිසාත්, මෙහි ඉගෙන ගන්නේ ලංකාවේ ඉන්න අධ්‍යාපනය අතින් හොදම කොටස නිසාත් ඔවුන් මෝඩයින් ලෙස සරල ලෙස හංවඩු ගැසීම ඉතා පිළිකුල් සහගත බවයි රස්තියාදුකරයාගේ හැගීම.


මට හිතෙන හැටියට සැම විශ්ව විද්‍යාල ශිශ්ෂයෙකුම විප්ලව වාදියෙකු විය යුතුයි. මට එකක් විස්වාසයි මේක ගොඩක් අය තේරුම් ගන්නේ වැරදියට කියලා. මේකේ විප්ලව වාදියෙකු යනු "වෙනස් දැක්මක් සහිත සහ වෙනස කියන අරුතයි."                                                      


කොහොමත් අපි දේශපාලනයට කැමති උනා හෝ අකැමති උනා හෝ අපි මේ හුස්ම ගන්න්නෙත් ගන්නනෙත් දේශපාලනය කියලා මොකක්දෝ පොතක තිබුනා කියලා මට මතකයි. එකත් ඇත්තනේ වී ඇටයක් බත් ඇටයක් වෙන තැනට එනකන් දේශපාලනේ කි පරාක්නම් හම්බ  වෙනවද.......පොහොර සහනාධාර, උපරිම මිල, අවම මිල, ජල කළමනාකරණය ආදී කී දාහක් නම් පියවරවල් පහු කර ගෙනද මෙතනට එන්නේ. ඒක නිසා අපි දේශපාලනයට අකමැති කියලා බත් නොකා ඉන්නවද. අපි අපේ වටිනාකම දන්නේ නැහැ, නැත් නම් අපි කවදාවත් "I hate politic" කියලා කියන් නැහැ.


මිනිසා දේශපාලනයමය සත්වයෙක් වීම තුල ඒක  තුල සැම විශ්ව විද්‍යාල ශිෂ්ශයෙකු තුල ඔහුට අනන්‍ය වූ වෙනම අභ්‍යන්තර දේශපාලනයක් තිබිය යුතුයි කියන එකයි මගේ හැගීම. මොකද විශ්ව විද්‍යාල ශිෂ්ශයෙකු යනු ඔහු පාලනය වනුයේ ස්වයං පාලනය තුල නිසාත් ඔහුව බාහිර වශයෙන් පාලනය අපහසු නිසාත් ඔහුට ඔහුට පාලනය කිරීමට ඔහුට අනන්‍ය වූ දේශපාලනයක් තිබිය යුතුයි.


විශේෂයෙන් විශ්ව විද්‍යාල ශිෂ්ශයෙකුට ස්වයං තීරණ ගැනීමට හැකියාවක් තිබිය යුතුමයි. තාමත් අර පාසල් කලේ වගේ ටීච කියන එකයි, පල්ලෙහා ගෙදර ඇන්ටි කියන එකයි අහ ගෙන ඉදලා ඒවා කරලා වැඩ නැහැ. මොකෝ ඒක අපි මුලු රටේම මිනිස්සුන්ට කරන අසාධරණයක්. 


මම දන්නවා මේ post එක මට සම්පුර්ණෙන් ලියා ගන්න බැරි වෙනවා. මොන වුනත් මම මේ කියන්නේ අධ්‍යාපනය සම්පුර්ණයෙන් නවත්වලා දේශපාලනය කරන්නන ඕනේ කියන එක නෙමේ. මේ කාලේ මුලික අරමුණ අධ්‍යාපනය නිසා ඒ කට මුලිකත්වය යොමු කල යුතුයි කියලා මම පිලිගන්නවා. ඒත් ඒ නිදහස් අධ්‍යාපනය රැක ගන්නත් දේශපාලනය සම්බන්ද වෙනවා. කොහොමත් විශ්ව විද්‍යාල උප සංස්කෘතිය ඇතුලේ දේශපාලනය එක අංගයක්.


නමුත් අපේ ජිවිතේ සැම දෙකටම දේශපාලනික වශයෙන් නිර්වචනය කිරීමත් හෙන වැරදි. එතකොට ඒ අදහස් කොටු වෙනවා.


කෙසේ හෝ වේවා වර්තමානය වෙන විට දේශපාලනය අපි තීරණය කරනවා වෙනුවට අපිව දේශපාලනය තීරණය කරනවා. එකයි  ඇත්ත.

 

Saturday, March 16, 2013

මාව රැග් කරපිය...........



රස්තියාදුකාරය කාලයක ඉදන් බලන් හිටිය දෙයක් දැන් ඉටු වෙලා තියෙන්නේ........ඒක අකුරු වලින් ලියලා ඉවර කරන්න බැරි ආතල් එකක්. ඒක ආතල් එකක් කියුවට මාර වින්දනයක්........

ඔන්න රස්තියාදුකාරයත් දැන් කැම්පස් යන්න පටන් ගත්තා. ඉගෙන ගන්න උන් විතරයි කැම්පස් යන්නේ කිව්වත් දැන් අපිත් ඇතුලේ. දැන් අපිත් ජපුරේ කොල්ලෝ. ඒක නෙමේ කතාව ඇයි මිනිස්සු අකැමති පිස්සු කෙලින කොල්ලෝ ඉස්සරහට යනවට. මට ඕක මුල ඉදලම දැනිච්ච දෙයක්. ඉගෙන ගන්නකන් ගෙදරට ඉස්කෝලෙට හොද කොල්ලා. පොඩ්ඩක් පිස්සු නැටුවම ලෝකෙටම වදයක් වගේ. යකෝ මේ කාලේ දගලන් නැතුව වයසට ගිහිල්ල දගලන්නද.

කොටින්ම කිවුවොත් මම කලින් අහිංසක වගේ ඉදලා පස්සේ අංගුලිමාල වෙච්ච පොරක්. අන්තිමට මට පාසලෙන් විභාග අයදුම් පත පවා දෙන්න මැලි උනා. හැබැයි අන්තිමට අපේ පාසලේන් කැම්පස් යන්න තේරුනෙත් මම විතරයි.  හැබැයි ඒ වෙනකොට මට පැමිණීමේ අදාල ප්‍රතිශත තිබුනෙත් නැහැ, අදාල ඇගයීම් කරලා තිබුනෙත් නැහැ, කොටින්ම මම බාරදුන්න ව්‍යප්පෘතියේ මම එක අකුරක් වත් කියවලවත් නැහැ.

මම ඉස්ස්කොලේ ගියේ ඉගෙන ගන්නවට වඩා සෙල්ලම් කරන්න තියෙන අසාවෙන්. එක පාරක් මායි තව පොරකුයි වාර විභාගයක් කට් කරලා හොරෙන් පැනලා යද්දී විනය බාර ගුරාට අහු වෙලා කට්ටිය මැද්දේ එක්කන් ආවේ. කොහොමද නෝන්ඩිය.....ඒ වගේ තමයි අන්තිමට මට කට්ටිය මැද්දෙම තමා මාව ස්ටේජ් එකට නග්ගල මට සහතිකේ දුන්නේ කැම්පස් සිලෙක්ට් උනාට කොහොමද එකේ ත්‍රිල් එක........

අවසානේ අන්තිම පේලියේ හිටිය එපා කරපු එකා ගේම ගැහුවා. දැන් රස්තා ඇතුලේ.

දැන් ඉතින් කෝ රැග්. වැඩේ කියන්නේ මම ඇතුලට ගියහම දැන් ගත්තේ ඇතුලේ ඉන්න බහුතරයක් අපි වගේ ලෝකේ කාපු යක්කු කියලා. පොතේම එල්ලිලා හිටිය උන් හරි අඩුයි.

මාත් එක්ක සිංදුවක් ගැන කතා කරන්න, පොතක් විචාරය කරන්න කොල්ලෝ,කෙල්ලෝ මට දැන් ඉන්නනවා කියලා මට දැන් හිතෙනවා. මේ මොනවා කලත් මගේ රස්තේ නම් අඩු කරන්නේ නැ මම.

ඉස්සර මහා රස කතා වෙච්ච "රැග් " දැන් මම ප්‍රයෝගිකව අත් විදිනවා දැන් මම. මොනාද රැග් එකකින් බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙලා කියන්නනම් කෝ මට සෙට් වෙච්ච පළවැනි රැග් එක ගැන. මේක උනේ කන්න කැන්ටිමට ගිය වෙලාවක.

ජේස්ට උත්තමයා ආව මන් ලගට, වාඩි උනා මන් කන තැනින්. මුලින්ම ඇහුව මගේ විස්තර. මාත් දුන්නා උත්තර. එහෙනම් කියපන් මල ගැන වාක්‍ය  පහක්. ඕකත් වැඩක්ද මාත් දුන්නා නියම වාක්‍ය පහක්.....

මල් ලස්සනයි.
මල් තියනවා පාට පාට.
මල් හැදෙනවා ගස් වල වගේම වැල් වල.
මල් පරාගනය වෙලා තමයි ගෙඩි හැදෙන්නේ.
මල් වල පැණි බීලා තමයි සමනල්ලු ජිවත් වෙන්නේ.

ඕන්න උත්තරේ. ඊට පස්සේ උත්තමය කියපි අයෙත් කියපං පිළිවෙලට ඒ වාක්‍ය පහ. ඔන්න කොහොම හරි ගලපලා කියුවා. මන් හිතුව ඉවරයි කියලා. නෑ යකෝ...........ඔන්න යකෝ දැන්නේ කෙලිය......... දැන් ඔය මල කියපු තැනට @ක දාලා කියපන් ඒ වාක්‍ය පහම. අම්මට හුදු මෙච්චර කුනුහරැප කියපු මට එදා තමා තෙරුනනේ ඒ වචනේ තියෙන ගැබුර

ඇයි යකෝ "@කේ පැණි බිලා සමනල්ලු ජිවත් වෙනවා කිවුවම......"

ආයේ පිස්සුවක් ඇතේ....මටම හිනා....හිනා වෙන්නත් බැහැ, මගේ වටේ හිටිය අපේ යක්කු හිනා උනෙත් නැහැ. අන්න එකයි වැදගත්කම.

කොහොමත් රැග් එකක තියන වැදගත් කම ඒක තමා. කවුරුත් කාටවත් හිනා වෙන් නැහැ. කණ්ඩායමක තියන සහයෝගිතාව තමා එකෙන් හදන්නේ මට හිතෙන හැටියට.

අවුරුදු හතරක් වෙනම සංස්කෘතියක්, වෙනම භාෂාවක් ඒ අලුත් ලෝකෙට නවකයන් පුහුණු කිරීමත් රැග් එකකින් බලාපොරොත්තු වෙනවා. මොනා උනත් එකේ තියෙනවා මාර ගැබුරක්, මාර ත්‍රිලක්......

බලමු එළී වෙන ජාමෙට ලුනේ හොද හොද සෙල්ලං..............
 

Sunday, March 10, 2013

෴ කඳුලු බිංදුව ෴



                                                    
                                                  ප්‍රාණය නිරුද්ද වී
                                                        
                                                           ගිය
                                             
                                                   මගේ නිසල සිරුර
           
                                                           මත
                                             
                                                   හෙලනු ඔබේ උණුසුම
         
                                                            රැදී
                                              
                                                    එකම එක කදුළු
                                                       
                                                            බිදුවක්
                                       
                                                "ආදරය"  වචන වලින් කිව
   
                                                        නොහැකි
                                             
                                             දහසක් දේ.........
                                 
                                             කියා දෙයි මට ඒ
                                           
                                              කඳුලු බිංදුව......