Friday, December 28, 2012

යුද්දේ නැතුව පාළුයි................

මේ කොටස මම මුලින් ලියන්න හිතුවේ මේ මුලු Post එකම ලියලා ඉවර වෙලා, මොකද මේ Post  එක මං මෙච්චර කල් ලිව්ව ඒවට වැඩිය ටිකක් දිග වැඩි හින්දා......හැබැයි මට හිතෙනවා මේ Post  එක මං ලිව්ව අනිත් Post වලට වැඩිය වැඩි වැදගත් කමක් තියේයි කියලා.......මොකද මේ Post එක Publish කල වෙලාවේ ඉදල මට දැනෙන්නේ මාර නිදහසක් ............ උඹලත් කියවලා බලපංකො මට දැනුන ඒ හැගීම උඹලටත් දැනේනවද කියලා.

2009 මැයි18 දිනට පස්සේ අපි කව්රුත් හිතුවේ දශක තුනක් තිස්සේ අපිව හිර කරලා තිබුන ඒ අමානුෂික ග්‍රහණයෙන් අපි මිදුනා කියලා නේද.....? මේ  රස්තියාදුකාරයා හිතුවෙත් එහෙමයි. නමුත් දැන් අපි එහෙම වෙලාද....? අනේ මන්දා මටනම් මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරි ගන්ධබ්බ තැනක මගේ හිත හිර වෙලා කියලා මට කොයි වෙලාවෙත් හිතෙනවා.

යුද්දේ පටන් අරන් මාවිල් ආරූ සොරොව්ව ඇරපු වේලවේ ඉදන් අපේ කොල්ලෝ කෙල්ලෝ ගාව තිබුන ඒ පෞර්ෂත්වය, ජවය මිශ්‍ර ඒ හැගීමට යුද්දේ අවසානයත් එක්ක මොකද වුනේ..........මං හිතන්නේ ඒ කාලේ වෙන් නැති අපේ ත්‍රිවිධ හමුදාවට වැඩිපුර බදවා ගැනීම් සිදු කරන ඇත්තේ. මොනවා උනත් ඒ  බදවා ගැනීම් වලට ආපු කොල්ලෝ කෙල්ලෝ දැක්කම මෙච්චර ගැම්මක් මුං කොහේ හංගන් හිටියද කියලා හිතේන තැනකට අපිව අරගෙන අවා. මොකද ඒ තරං පිරිසක් ඒ බදවා ගැනීම් වලට ඇවිත් හිටියා.

හැබැයි ඒ කාලේ, ඒ සදහා ආපු කවුරුත් ආවේ එක දෙයක් වෙනුවෙන් ඒ රට අරාජිත වෙලා තිබුන ඒ නරා වලෙන් ගොඩගන්න, LTTE කියන ත්‍රස්තවාදීන්ට විරුධව සටන් කරන්න මිසක් ද්‍රවිඩ සංහාරයක් වෙනුවෙන් නෙමේ.

එතකොට කෝ දැන් ඒ තරුණ පිරිස, ඔවුනට මොකද උනේ............රස්තියාදුකාරයට කවුද හීනෙන් වගේ කියනවා ඇහෙනවා ඇයි බං studio එකක යුද්ද ටැංකියක් උඩ නැගල සින්දු කියන්නේ.

මං කිව්වා නැ බං එහෙම නෙමේ..........මං ඇහුවේ වර්තමානයේ  රට වෙනුවෙන් ජිවිත පරදුවට තියලා රට වෙනුවෙන් කැප වෙන්න ඉදිරියට එන්න ඉන්න තරුණ කොටස් කෝ කියලා..........

 එතකොට ටිකක් වෙලා කල්පනා කරපු උ කියනවා, ඒ කාලේ රටේ හා මිනිස්සුන්ගේ තිබුන මුලික අරමුණ තමා මචං යුද්දේ ඉවර කරලා රට එක්සත් කරන එක. එතකොට ඒක කව්රුහරි ස්ටේජ් එකක නැගලා කෑ ගහලා  කියන්න දෙයක් තිබුනේ නැහැ. ඒ මොකද, ඒ වෙනකොට ඒක ඒ මිනිස්සුන්ගේ ඇගටම දැනෙන්න වැදිලා තිබුනේ.

නමුත් දැන් රටේ යුද්දේ තියෙන්නේ සංවර්ධනයත් එක්ක නං, ඇයි මැති ඇමති වරු මේ සංවර්ධන යුද්දයක් ගැන වේදිකාවක්, වේදිකාවක් ගානේ ගිහිල්ලා පාරම් බාන්නේ...............ඒක මචං පාරම් බෑමක් නෙමේ ආයාචනයක් මොකද යුද්දේ තිබුන කාලේ වගේ ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ කියන හැගීමක් මේ වර්තමාන සංවර්ධන යුද්දේදී අපේ ඇගට දැනෙන්නේ නැහැනේ, ඒ නිසා උන් කෑ ගහලා අඩලා කියන්නේ........වරේල්ල මේකට උදවු කරපල්ලා කියලා....... 

ඒක තමා ඒ ගොල්ලෝ තේරුම් ගන්න ඕනේ........ මොකකද ස්ටේජ් එකක නැගල කෑගැහුවට, ඒ සද්දේටයි, රූපේටයි, ඇගටයි මෝල් වෙන කොල්ලෝ කේල්ලෝ දැන් නැ බං. උන්ගෙන් වැඩක් ගන්න නම් උන්ගේ ඇගට දැනෙන වැඩ කරන්න ඕනේ. මේගොල්ලෝ කරන වැඩ වලට රටේ තරුණ පිරිසට දැනේයිද බං රට වෙනුවෙන් කැප වෙන්න ඉදිරියට එන්න.

හා නැද්ද කියපන් බලන්න 2011 A/L සෙට් එක කැම්පස් වලට ගන්න කලින් උන්ට දුන්න වදයක්......සමහර උන්ගේ රිසල්ට් තුන් හතර පාර මාරූ උනා. ඒ වෙලත් කැම්පස් යන්න කලින් එක එකාගේ අලුගුත්තේරු කතා අහල මල කේන්තියෙන් තමා උං කැම්පස් ඇතුලට යන්නේ. එහෙම එකේ උං නිදහස් අධ්‍යාපනේ නෙමේ මොකෙන් ඉගෙන ගත්තත් ආපහු රට වෙනුවෙන් සේවයක් කරයිද.......?? උං එහෙම කරන එක අසාධාරණද කියලා මට කියපං........

ඔය එක සිද්දියක් විතරයි ඔය වගේ සිද්දි කි දාහක් රටේ තරුණයන් සම්බන්ධයෙන් උනාද ......?? රටේ තරුණ කොටස කියන්නේ එක ක්‍රීඩාවක් විතරක් කරන එක තරුණ සංවිධානයක් විතරක් තියෙන ඔක්කොම රේසිං කාර් විතරක් පදින වගේ පටු කොටසක් නෙමේ, තරුණයෝ කියන්නේ අසීමාන්තික චින්තන පරාසයක් තුල සැරිසරන අලුත් ලේ වලින් හැදිච්ච හොද ප්‍රාණවත් ජීව කොටසක්..........ඒක දන් නැතුව ඔවුන්ව ලගු කරනවා කියන්නේ රටේ අනාගතයට අලගු තියනවා වගේ වැඩක්.

 එහෙම හැදිච්ච තරුණ කොටස් වර්ගීකරණයට ලක් කිරීම තුලින් සිදු වෙන්නේ තරුණ අසහනයක් නිර්මාණය වීම පමණයි. ඊට පස්සේ උං ඒ පීඩනය පිට කරන්න මාර්ග හොයනවා............අපි නොස්තැල්ජියාවෙන් (අතීත කාමයෙන් ) නොපෙලුනට අතීතය අපිට හොදට සාක්ෂි සපයලා තියනවා. මේ කියන්නේ විප්ලව, අරගල විතරක් නෙමේ. මොකද පීඩනය පිට කරන්න යොදා ගන්නේ විප්ලව, අරගල විතරක් නෙමේ.

කතාව නං දිග වැඩි උනාද මන්දා........ඒත් කියන්න ඕනේ දේ  කියලා ඉවර කරන එක මේ රස්තගේ පුරුද්ද ඒ නිසා මේ ටිකත් කියවලාම ඉවර කරමුකෝ..........

මේ රට කවදා හරි විනාශ උනොත්.( රට ආපස්සට ගියොත් ) ඒක වෙන්නේ වෙන මොකවත් හින්දා නෙමේ තරුණ පීඩනයක් තුල සිදු වන බුද්ධි ගලනය නිසා................


Monday, December 24, 2012

සමාජ සම්බන්ධතා ජාල සමාජ රෝගයක් වෙයිද..........?????


රස්තියාදුකාරයටත් දැන් නිවනක් නැහැ.............කොයි වෙලාවේ බැලුවත් computer එක ඉස්සරහමයි.

මේ ලගදි අපේ කස්ටිය පොඩි කයියකට සෙට් වෙච්ච වෙලාවේ හොද කතාවක් ඇදිලා ආවා.  ඒ කතාව පොඩි උනාට ඒකෙ ලොකු ගැඹුරක් තියනවා කියලා රස්තට හිතුනා. ඒ කතාවේ සාරාංශය තමා මේ  තියෙන්නේ.

මොනවා කරන්නත් කලින් නත්තලටයි අලුත් අවුරුද්දටයි සුබ පතලා ඉන්න එපෑ. ඔන්න වේනදා වගේ "සාමය සතුට පිරි" කියලනම් මේ පාර කියන්න බැහැ, මොකද අපේ උතුමාණන් ඇතුළු රාජ සබාව අපිට සාමය සතුට ඇති වෙන්න ගෙනල්ල දීලනේ තියෙන්නේ...... සතුට වැඩි කමට අපි යැවුවේ මල් වෙඩි  නෙමේ බෝල චන්ද්‍රිකානේ.......

ඒ නිසා මේ පාර  මගේ පාර්ථනාව "ප්‍රජාතන්ත්‍රවාදය අගයන සුබ  නත්තලක්‌ හා අලුත් අවුරුද්දක් වේවා" කියලයි...... මේ අවුරුද්දේ වැඩිපුර කිය වෙච්ච වචනයත් ඕක වෙන්නැති මයේ හිතේ.

මම කියන්න ආවේ ඒක නෙමේනේ. Face Book නිර්මාතෘ Mark  Zuckerberg කවදාවත් හිතන් නැතුව ඇති මේ වගේ සමාජ සම්බන්ධතා  ජාල වෙබ් අඩවි නිසා මිනිස්සු රටක්, සමාජයක් විදිහට මේ වගේ පහත් තැනකට වැටෙයි කියලා...........

මේ දින වල රටේ පවතින බොහෝ අපරාද රැසකටම මුල බීජය ව්‍ තිබෙන්නේ Face Book, Twitter වැනි සමාජ සම්බන්ධතා ජාල බව නොරහසක්. මිට හේතුව දියුණු වෙමින් පවතින අප වැනි  තුන්වන ලෝකයේ රටවල්  නව තාක්ෂණය සමග බද්ධ වීමේදී ඇති වන අඩු ලුහුඩු දැ නිසා කියලයි මගේ හැගීම........

එසේම ලංකාව තුල තවමත් බොහෝ විට  තරුණ වයසේ පසුවන තරුණ තරුණියන් ගෘහාස්ශ්‍රිත පරිසරයට කොටු වීම තුල, ඔවුන් අවට ලෝකය සමග සම්බන්ධ වීමට ඇති එකම මාර්ගය ලෙස දකිනුයේ අන්තර්ජාලය පමණි. එවිට ඔවුනට තිබෙන සියලු මානසික හා කායික පීඩනයන් මුදා හැරීමට යොදා ගනු ලබන්නේ අන්තර්ජාලය ආශ්‍රිත ක්‍රියාකාරකම්ය. එවිට ඔවුන්  Face Book, Twitter වැනි වෙබ් අඩවි හරහා දකින සමාජයයි ප්‍රයෝගික සමාජයයි අතර වෙනස හදුනා නොගැනීම තුල වර්තමාන සමාජය තුල වල්මත් වීම පුදුම විය යුතු කරුණක් නොවේ.

 ඒසේම Face Book වැනි වෙබ් අඩවි හරහා සිදු විය යුතු අරමුණු ඉක්මවා ගොස්, දැන් ඇති නව ප්‍රවනතාවය නම් තමා upload කරන image හෝ post එක වැඩි වාර ගණනක් share වීම හෝ comment වැඩි පුර ලැබීම වැනි පටු තැනකට ගොස් ඇත. මෙවැනි දේ හරහා සමාජය තුල සිදුවෙමින් යන විපර්යාසය සුළු කොට තැකිය නොහැක. කවරෙකු හෝ අනතුරකට භාජනය වු විට ඔවුන් ඉන් මුදවනවා වෙනුවට බොහෝ මිනිසුන් එය ඡයාරුප ගත කිරීම වැනි පහත් දේ  කිරීමට පෙළඹි ඇත්තේ ඉහත ප්‍රවනතාව නිසායි.

ඇල්බට් අයිස්ටයින් අවසානයේ තම නිර්මාණ පිළිබද කලකීරි සියදිවි හානි කරගත්තා  සේ  Mark  Zuckerberg කුත් කලකිරෙනා දිනය වැඩි ඇතක නොවන බව රස්තාගේ  අදහසයි.................

Friday, December 21, 2012

අහෝ දුකකි.........!!!!!

ඔන්න එහෙනං පටන් ගත්තා රස්තගේ බ්ලොග් ලිවිල්ල.

අද මේ පොස්ටුව ලියන්න නෙම හිටියේ.........එත් මේ ආශ්චර්යමත් රටේ හෙට දවස පුරා අපිට විදුලිය විසන්දි කරන බව සද්ගුණවත් චම්පික උපාසක මහතාගේ දායක සබාව නිවේදනය කරගෙන ගියා. ඒ නිසා රෑ කියල බලන් නැතුව දැන් ලියනවා මෙලෝ සිහියක් නැතුව.

අපේ හන්දියේ කඩේ ගාවට යන පාරේ ඉන්නවා බං මල ඇනයක් වෙච්ච ඇන්ටා පාරක්  ( මාවයි ඇන්ටාවයි දලා කතා හදනවා නෙමේ ඕං ) දවසක් මම පොඩි කයියක් දාන්න කඩේ ගාවට යද්දී මෙන්න මෙයා ඉන්නවා, නිකං ගේට්ටුව ගාව දොරටුපාලිකාව වගේ.

 කාලා වරෙන්කො දැන් ආපු ගමන යන්නත් එපෑ.......

මම නොදැක්ක ගානට ගේ ගාවින් යන්න හිතාගෙන අවා. එතකොට මේ ගෑනි මගෙන් අහනවා ......

කෝ බං උබලව කැම්පස් වලට ගන්නේ නැතෙයි..........මදැයි උබත් කොලා.........

මට පොලොව පලං යන්න හිතුනා.

ඇයි බං O/L දෙපාරක් කරලත්  Fail වෙච්ච ඒ ගෑනි මගේ මුනට එහෙම අහද්දී..........

ඉගෙන ගත්තේ නැති ඔක්කම මෝඩයෝ නේමේ. ඔය ඕන තරම් මිනිස්සු පොලවේ පය ගහලා අගේට ඉන්නේ. නමුත් අරෙහෙම අහනේ ඉර්ශියාවෙන් පිරුන මෝඩ යක්කු තමා.

ඇයි බං අපි පොඩි සොමියක් දාලා ආතල් එකේ ඉන්නකොට ගෙදර අයටයි, නැදැයින්ටයි, වටේ ඉන්න උන්ටයි අපිව පෙන්න්න බැහැ.

අපි කෙලවගෙන අවසානේ ඉගෙනගන්න උත්සහ කලාම උං අහනවා...... ඇද්ද උබට......උබ අවා අපේ උන්ට උඩින් යන්න........හැබැයි. උං දන් නැහැ කවදා හරි ලෝකේ වෙනස් කරනේ අන්තිම පේලියේ ඉන්න රස්තියාදුකාරයෝ බව.

ඇයි යකෝ............S.B ඇතුළු ගුණ යහපත් ආණ්ඩුව අපිට මෙහෙම කලේ.

Thursday, December 20, 2012

රස්‍තා ගහමු අපිත්‍ ඵ්‍ක්‍ක.....

ජිවිතේ ගොඩක් දේවල් පටන් ගන්න තේරුමක් නැති උන මට,මේ Blog එකේ පලවෙනි Post එක ලියන්න පටන් ගන්නේ කොහොමද කියල තමයි මං මෙච්චර වෙලා කල්පනා  කලේ..........

කොහොම හරි  පටන් ගත්තා කියමුකෝ.මොනවද දැන් මම මේ Blog එකේ ලියන්නේ......

එක තමා දැන් තියන ගැටළුව......

මෙහෙමයි සහෝ......අම්බෝ මට  වැරදිලා කිය උනේ, මොකද සුදු වැන් කල්ලිය ක්‍රියාත්මක වෙන සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී, ආශ්චර්යමත් දේශයක්නේ බං මේක. සහෝ කිව්වත් බඩුම තමා. මෙච්චර කල් මම Blog කියව්වට මටත් කියලා Blog එකක් ලියන්න ආසාව ආවේ මේ ලගදි.........මටත් හිතුනා මගේ කියලා අනන්‍යතාවයක් එක්ක අපි වගේ රටට වැඩදායි රස්තා පොරවල් වලටත් අවකාශයේ ඉඩක් හදන්න.

Internet තමා බං තරුණයන්ට තම අදහස් ප්‍රකාශ කරන්න තියන හොදම විදිහ. Editing නැහැ, වචන සිමා නැහැ,කාගෙවත් බලපෑම් නැහැ අපේ අදහස් අමු හෙළුවෙන් දෙන්න පුළුවන්.

හැබැයි යාලු අපේ රස්තා එක තැන පල් වෙන ඒකාකාරී ඒවා නෙමේ. ඊයේ කැම්පස් එකේ වල බැස්සනම්  අද හංදියේ කඩේ ගාව හෙට පුස්තකාලේ පොත් අස්සේ අනිද්ද සදකඩ පහන බලන්න youth center එකේ. ඔය අතරේ අපි රට ගැන හිතල ස්කාගාර සංස්ථාවයි, Ceylon Tobacco එකයි කොහොම හරි ගොඩ දානවා, නැත්තම් කෝ රජයට සල්ලි...........අපි රට ගැනත් හිතනවා හරිය..........

හෙට වෙනුවන් අද කැප කරන කාර්යබහුල සංකීර්ණ ජිවිත වලට වඩා වර්තමානය තුල ජිවත් වෙන ප්‍රයෝගික චරිත තමා බං අපි හොයා ගන්න ඕනේ.......

ලියන්න පටන් ගන්න අමාරු උනාට දැන් නම් ඔහේ ගලාගෙන යනවා.

මොනවා උනත් අපිට හොද ආදර්ශමත් රස්තා පාරක් ගහන්න හැකි වෙන්නේ උඹලගේ ප්‍රතිචාර මත තමා............

මේක පළවැනි Post එකනේ බං අඩු පාඩු ඇති, ඒවා හදාගෙන අපි ගහමු හොද රස්තා පාරක්......